every which rocks you

2011-03-12

sri lankans in france

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලාංකිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ අදාළ ගැටුමෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකු දරුණු කැපුම් තුවාල සහිතව රෝහල් ගතකර ඇති බවය.

එරට පදිංචිව සිටින ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබේ. ප්‍රංශයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ සිද්ධිය වූ ස්ථානයේ තිබී ගිනි අවි හා ආයුධ කිහිපයක්ද පොලිසිය සොයාගෙන ඇති බවය.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා ප්‍රංශ පොලිසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ

No comments:

Post a Comment