every which rocks you

2011-03-16

ගුවන් සේවිකාවන් හෝ Air Hostesses




මෑත කාලයේ තරම් ගෝලීකරණය ලෝක ආර්ථිකයේ මුල් තැනක් ගත් යුගයක් තවත් නැති තරම්. ඉන් ඇතිවූ ලොව නන්දෙස එකිනෙක යාකරීමේ අවශ්‍යතාවයට උරදෙන මහාපරිමාණ ප්‍රවාහණ කර්මාන්තය තුල මගී ප්‍රවාහණය ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙක තුල ගුවන් මගීන් ප්‍රවාහන කර්මාන්තය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කලේය. ඒ අනුව ගුවන් සේවාවන්හි රැකියා අවස්ථා ද බහුල විය.

මගී ගුවන් සේවා යානයක් තුල සැපයෙන සේවය (inflight service) ඉන් ප්‍රධාන තැනක් ගනී. පැය ගනනාවක ගමන් කාලයක් තුල මගීන්ගේ ඕනෑ එපාකම් සොයා බලමින් ඔවුන්ගේ සුව පහසුව (comfort) ද එමගින් ගමනේ ආරක්ෂාව (safety) ද සකසන කාර්ය මණ්ඩලය පොදුවේ Flight Attendants හෝ Cabin Crew ලෙස හැඳින්වෙන අතර පිරිමින් ගෙන් සැදුම් ලත් සේවක මණ්ඩලය හැඳින්වීමට Stewards හෝ Air Hosts ලෙසත් කාන්තා පාර්ශවය ගුවන් සේවිකාවන් ලෙස කීවද Stewardesses හෝ Air Hostesses ලෙසද හැඳින්වේ. ගුවන් සමාගමක මහජන සම්බන්ධතා පිලිඹිබු කරන කැඩපත සේ සැලකෙන ඔවුන්ගෙන් බලාපෙරොත්තුවෙන සේවාවේ ඉහළ තත්වයන් නිසා ඔවුන් මත පැටවෙන වගකීම හා පීඩනය ද අපමණය.

ගුවන් යානා සේවක මඬුල්ල අතර ගුවන් සේවිකාවන් හිමි කරගන්නේ ප්‍රධාන තැනකි. රූසපුවෙන් පරිපුන් යුවතියන්ට ගුවන් සේවිකා රැකියා අංශයට දොරහැරෙන අතර ඔවුන් පාරිභෝගික සේවාවන් හා මහජන සම්බන්ධතා ආදී ක්ෂේත්‍රයන් අලලා කෙරෙන පුහුණුකින් පසුව පදවි ලබයි. බැලූ බැල්මට සමනලියන් සේ පෙනුනද ඔවුන්ගේ රැකියාවේ ස්වභාවය කටුකය.

යානය තුලදී මගීන්ගේ සුවසෙත සිට ගමන්මලු පොදි මෙහෙයවීම දක්වා වෙන විවිධ කටයුතු ඔවුන්ගෙන් සිදු විය යුතුය. ගුවන් යානයක් ගමන පටන් ගැනීමත් සමඟ ම කෑමබීම පුරවාගත් ට්‍රොලියක් ආම්බාන් කරන ඔවුන් හදිස්සියේ ඇතිවිය හැකි යානයේ ඉහළ පහළ යෑමක්, වා සුලියක බලපෑමක් ආදී අවස්ථාවක ආහාර පාන ඉසිරීමෙන් හා ට්‍රොලිය පාලනයෙන් මිදුනාම වියහැකි අනතුරු වලින් මගීන් හා යානය බේරාගන්න කර යුතු වෙන්නේ සුළුපටු යුද්ධයක් නොවේ. යානයෙන් පිට අහිතකර පාරිසරික තත්වයන් නිසා යානය තුල ඇතිවිය හැකි ගැස්සීමකින් බලාපොරොත්තු නොවූ ආකාරයකට ඒ මේ අත විසිවෙන ගමන්මලු වලින් සිදුවිය හැකි අනතුරු වලින් මගීන් බේරාගන්න ඔවුන්ට කලයුතු වෙන්නේ කැපවීමකි. ඔවුන් විඳින ශාරීරික පීඩාවන් අපමණය. මේ බලපෑමෙන් වසර කිහිපයක් වැඩකරන අතර තුර ඔවුන් කොඳු ඇට, සන්ධි හා අස්ථි සම්බන්ධ විවිධ රෝගවලට මුහුණපායි. පමණක් අය ජීවිත කාලය පුරා පීඩා විඳින රෝගී තත්වයනට භාජනය වේ.

රැකියාව උදෙක් බලාපොරොත්තු වෙන රුව හා හැඩය රැකගැනීමට ගුවන් සේවිකාවන් නිතර උනන්දු විය යුතු වේ. ඔවුන්ගේ පියාසර කාලය හා පඩිපත බොහෝ තදින් වෙලා ඇත. රැකියාවේ පීඩනය බහුල මොවුන් නොයෙකුත් ජාත්‍යන්තර නීතිමාලාවන් යටතේ සුරැකුනද ඔවුන්ගේ සේවාකාලය එතරම් දීර්ග නොවේ. එනිසාම දෝ ඔවුන් දුර ගමනකදී ලැබෙන දීමනා ආදිය ඉතිරි කරගන්නේ අරපිරිමැස්මෙනි. තවද ඔවුන් මුහුණපාන මානසික පීඩාවන් ද කෙලවරක් නැත.


ප.ලි:
සමාජයේ ඔවුන් පිලිබඳව විවිධ මත තියෙන්න පුලුවනි. අහන්න වූ කරුණු වලින් ඇති වූයේ අනුකම්පාවකි. එතරම් පීඩන මැද රැකියාව කරන ඔවුන් ගුවන් යානයට අතුලු වෙන මගීන්ට සිනාවකින් සංග්‍රහ කරන්නට මැලි නොවෙති.

1 comment:

  1. මෙ විස්තර ගල්මල්-Coral නම් මගේ බ්ලොග් එකෙන් උපුටා ගෙන කපා කොටා පලකරන ලද්දකි. අනුන් ගේ නිර්මාණයක් උපුටා දක්වනවා නම් මුල් නිර්මාණයේ විස්තර දැක්වීම නේද හොඳ පිලිවෙත.

    නිර්මාණය "ගුවන් සේවිකා"
    http://galmal.blogspot.com/2011/03/blog-post_16.html

    ReplyDelete