every which rocks you

2010-06-20

නාසි මිනීමරු අයික්මාන් අත්අඩංගුවට ගත් මොසාඩ් ඔත්තු නිලධාරියා පීටර් මෙල්කින් කියන කතාව


අයික්මාන් නමැති බිහිසුණු නාසි මිනීමරුවා දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය වෙද්දී රටින් පැනගොස් ආර්ජන්ටිනාවේ ජිවත් විය. ඔහු ආර්ජන්ටිනාවේ සැඟවී ජීවත් වන බවත් වෙනත් නමකින් පෙනී සිටින බවත් ඊශ්රානයල රහස් ඔත්තු සේවය දැන ගත්තේය. ඒ 1960 දශකයේදීය. ඉන්පසු ඊශ්රා යල රහස් ඔත්තු සේවා ඒජන්සිය වන මොසාඩ් සංවිධානය මෙම මිනීමරුවා තම රටට පැහැරගෙන ඒමට සැලසුම් සකස් කළේය. මේ ඒ පිළිබඳ ලියැවෙන කතාවයි. මෙම මෙහෙයුම රහස් ඔත්තු සේවා ඉතිහාසයේ අති සාර්ථක මෙහෙයුමක් ලෙස සඳහන් වේ.

ෙජ්කබ්ගේ සිත් වේදනාව අඩු කරන්නට කළ හැකි කිසිම දෙයක් නොවූ බැවින් මාද වේදනාවට පත් වූ අවස්ථා අනන්තය. එහෙත් 1949 ජූනි මාසයේදී ෙජ්කම් ඔහුගේ සියලූම දුක් කරදරවලින් සදහටම මිදුණේය. කාරයක හැපුණු ඔහු මිය ගියේ රෝහලට රැගෙන යන අතරතුරය. ඒමොහොතේත් ඔහු පොතක් කියවමින් සිටි බව අනතුර ඇසින් දුටුවෝ කීහ.

මගේ පියාද බොහෝ සෙයින් වෙනස් වූයේය. ඔහු කෑම කෑවේ අඩුවෙනි. ඔහුට නින්ද ගියේ ද නැත. එහෙත් ඔහු දිගින් දිගටම දුම් පානය කළේය. විනෝදයට බර පුද්ගලයකු වුවද ඔහු තවදුරටත් සිනාසුණේ හෝ අනෙක් අය සිනා ගන්වන කිසිම දෙයක් කළේ නැත. අවුරුදු දෙකකට පසු හෘදයාබාධයකින් තාත්තා ද මෙලොව හැර ගියේය.

කිසිවෙකුට ඔහුගේ මරණය අරුමයක් නොවූයේ සමූල ඝාතනය කරනු ලැබූ සුවහසක් මිනිසුන් පිළිබඳ මතකය හැම දෙනාගේම සිත් පෙළමින් තිබු බැවිනි. අපට දුකක් වුවද එය සාමාන්ය මරණයක් පමණක්ම වූයේය.

මා සිටියේ මගේම ලෝකයක සිර වූ ගාණටය. අවුරුදු 16දී අත් දකින්නට සිදු වූ ඒ කටුක සිදුවීම මට දරා ගැනීමට අසීරු වි‚. වදකඳවුරුවල අමානුෂික බිහිසුණු සිදුවීම් දිගින් දිගටම මගේ සිත පෙළන්නට වූයේය. මම ඒ පිළිබඳව කතා බහ කෙරෙන ගෙදරින් පවා ඈත් වී සිටීමට හුරුවීමි. එක් දිනක් සියල්ල වෙනස් වූයේය. අම්මා කුස්සියේ මේසය අසළ වාඩිවී දෑතින් මුහුණ වසාගෙන හ~මින් සිටියාය.

—අ~න්න එපා අම්මා˜

කියන්නට මම ඇයට ළංවීමි. එහෙත් කුමක්දෝ අයෝමය ශක්තියක් බඳු හැඟීමක් මසිත ආක්ර්මණය කළේය. මේ දුක් කන්දරාවට වගකිවයුතු අයට කෙසේ හෝ ද~ුවම් පැමිණවිය යුතු යයි හැඟීම බොහෝ තදින් මගේ සිතට ඇතුළුවි‚.

අක්කාගේ ලියුම් කියවද්දී මට බොහෝ දේවල් පසක් වෙමින් පැවති‚. මා හැමවිටම ඇය පිළිබඳව සිතුවේ මවක්, වැඩිහිටියෙක් පරිද්දෙන් පමණකි. ඇය ළද බොළඳ නිතරම සිනාසීමට සූදානම් වූ යුවතියක බව මම කිසිසේත්ම නොසිතීමි. ඇය වෙනම ලෝකයම ජීවත් වුවත් අල්ලපු ගෙදර සිටින්නාක් මෙන් ඇය අප පිළිබඳ සියල්ල දැන සිටි බව මම නොදැන සිටියෙමි.

අවසානයේදී ලියුම් සියල්ල පසෙක තැබූ මම විදුලි පහන නිවා ඇඳේ දිගාවීමි. එහෙත් මොන තරම් වෙහෙසින් සිටියන් ඒ රැයේ මට නිදා ගැනීමට නොහැකි වූූයේය.

ඒ කාලයේ සිය ආදරŒය අය අහිමි වූවන්ගේ කතාබහේදී නිරතුරුවම කියැවුණු නමක් වි‚. ඒ අයික්මාන්ය. දිවි බේරා ගන්නට වරම් ලද හැම දෙනෙකුම හිල්ට්ර් ගෝරිං නොව හිට්ලර්ටත් වඩා බිහිසුණු අයෙකු ලෙස අයික්මාන් ගැන සඳහන් කරනු ඇසිය හැකි වූයේය. පුවත්පත්වල ඒ ගැන ලිපි පළවි‚. ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ රපෝර්තු දකින්නට ලැබි‚. සියලූ දෙනාම ඔහු ගැන කතා කළේ සාතන් වශයෙනි.

සැබැවින්ම මුල් කාලයේදී ඔහු දියුණුවීමේ අභිලාශයෙන් පෙලූණු තරුණ යුද භටයෙක් වූයේය. ඔහු පිළිබඳව දැන සිටි අය පසුව ඔහුගේ වෙනස්වීම අදහා ගැනීමට නොහැකිව ගල් ගැසුණහ. ඔහු බොහෝ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේය. විවාහ වී අවුරුදු හතරක් ගත වෙමින් තිබියදී බිරිද දෙවන දරු උපතට සූදානම් සිටියදී ඔහු රූමත් කාන්තාවක් අනියම් බිරිඳ බවට පත්කර ගත්තේය. ඔහුට යුරෝපය පුරා එබඳු බිරින්දෑවරු රැසක් වූහ. එහෙත් මේ සිත්පිත් නැති යක්ෂයා මිනිසුන් මිය යනු දැකීමෙන් සතුටු වූ තරම කිසිවෙකුට විශ්වාස කිරිමට පවා නොහැකිය. ඔහු යුදෙව් ජාතිකයන් සියලූ දෙනාම එක්රැස්කොට ගැඹුරු අගලක් අද්දර තබා ඔවුනට වෙඩි තබන ආකාරය බලා සිටියේය.
මට තවම මතකයි ළමයෙක් වඩාගෙන හිටිය ගෑනු කෙනෙකුට වෙඩි තිබ්බ හැටි. ළමයට වෙඩි තියනකොට මොළ කෑලි හැම තැනම විසි වෙලා ගියා. මගේ ලෙදර් කෝට් එකටත් විසි වුණා. ඩ්රොයිවර් තමයි ඒවා පිසදා ගන්න මට උදව් කළේ.

පසුව අයික්මාන් සඳහන් කළේය. කෙනෙකුගේ සිරුර ලොමුදැහැ ගැන්වෙන එවන් අත්දැකීමක් සැහැල්ලූ සිතින් පැවසීමට තරම් ඔහු මෘගයෙකු වූයේය

යම්කිසි සංවර්ධන වැඩසටහනක සාර්ථකත්වය අගයන්නාක් මෙන් නාසීහු ඔවුන් විසින් මරා දමන ලද යුදෙව්වන්ගේ ප්ර මාණය මිලියන ගණනින් සටහන් තැබූහ. නාසි නිලධාරීන් මෙන්ම අයික්මාන්ද වෙඩි තැබීම යනු එතරම් කාර්යශ+ර නොවූ, එහෙත් පතරොම් නාස්ති වන ක්රිියාදාමයක් බව සිතීය. මෙහිදී ඇතැම් ජර්මන් සොල්දාදුවන් ගේ ධෛර්යයද හීන වන බැව් සොයාගනු ලැබි‚. ඔවුන් රුධිරයෙන් නැහැවීම වළක්වාලනු පි‚ස යුදෙව්වන් මැරීමේ වෙනත් තාක්ෂණයක් සොයාගත යුතු වූයේය.

දිනකට මිනිසුන් 15,000ක් මැරිය හැකි ගෑස් කාමර නිර්මාණය ලැබුවේ ඒ අනුවය. මේ කුරිරු, අමානුෂික ඝාතන ක්රිටයාවලිය නාසීන්ගේ සිත් මොනතරම් ඇද බැඳ ගත්තේද යත් අලූත් අලූත් ගෑස් කාමර සහිත පෙදෙස් බිහි කරන්නට එතරම් කලක් ගතවූයේ නැත. බොහෝ තැන් මල් හෝ පඳුරු වැවීමෙන් අලංකාර කොට තිබි‚. ඒවා නාන කාමර බවට හැඟීමක් දුටු අයගේ සිත් තුළ ඇතිවූයේ එනිසාය. යුදෙව්වන්ගේ ඉරණම පිළිබඳව ප්ර‚ශ්න කරනු ලැබූ අයට ලැබුණේ පොදු පිළිතුරකි.

—ඒ අය කම්කරු කඳවුරුවලට යැව්වා....˜

භීෂණයේ සංකේතයක් ලෙස අයික්මාන් ඉතිහාසගත වූයේ මේ කාලයේය. ඔහු බලවත් නිලධාරියෙකු ලෙසින් අනෙක් අය අතර ප්රලසිද්ධ වූයේය. මේ පිළිබඳව ඔහු සිටියේ දැඩි ආඩම්බරයෙනි. ඉතා කාර්යශ+ර ආකාරයට ඔහු ගේ අභිමතාර්ථය සපුරන්නට නොහැකි වූ අනෙකුත් නාසි නිලධාරීන්ට පවා අයික්මාන්ගේ අවමන්වලට ප්රඅසිද්ධියේම භාජන වීමට සිදු වූයේය.

දෙවන ලෝක යුද්ධය තමන්ට අවාසි සහගත බව පෙනෙන්නට තිබුණේ වී නමුදු යුදෙව්වන් සමූලඝාතනය කිරීමේ වෑයම අයික්මාන් අත්හැරියේ නැත. 1945 මැයි මාසයේ මුල් කාලයේදී ගරිල්ලා භටයන් ලෙසින් සටන් කිරීමට අයික්මාන් සිය කණ්ඩායම මෙහෙයවූයේය. ඔවුන් ඕස්ටි්රමයානු ඇල්ප්ස් වෙත ගිය වහාම අවි බිම තබන ලෙස ඔවුන්ට ආඥාවක් ලැබි‚. ජර්මනිය යටත් වූ බව ඇසූ අයික්මාන් බොහෝ කනස්සල්ලට පත්වූයේය. කිසිවෙකුට යටත් වන්නට ඔහු තුළ කැමැත්තක් තිබුණේ නැත. තනිවම පලා යන ලෙස අනෙක් අය ඔහුට උපදෙස් දුන්හ. දින දෙකකට පමණක් සෑහෙන කළමනාද ගෙන කඳු යායේ පහළට යොමුවූ අඩි පාරක් දිගේ ඔහු නොපෙනී යන ආකාරය ඔවුහු බලා සිටියහ. එතැන් සිට අවුරුදු ගණනාවක් ගතවෙන තුරුම ලෝකයේ කිසිම කෙනෙක් අයික්මාන් ගැන කිසිම දෙයක් දැන සිටියේ නැත. අප මේ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ එවන් වූ අයික්මාන්ය.

1960 මැයි 03 දා සවස ඌසි මෙයර් සහ මම ආර්ජන්ටිනාව බලා පියාසර කළෙමු. මා ගමන් කළේ ජර්මන් ගුවන් ගමන් බලපත්රනයකිනි. ඌසි සහ මෙයර් බි්ර්තාන්ය ව්යාුපාරිකයෝ ලෙසින් පෙනී සිටියහ. අප බුවනෝස් අයර්ස් වෙත පිවිසෙද්දී එහි පැවතියේ සිසිල් කාලගුණයකි. පොද වැස්සක්ද ඇද හැලෙමින් තිබි‚. මෙවන් කාලගුණයක් බලාපොරොත්තු නොවූ බැවින් අප හැඳ සිටියේ සාමාන්යහ ඇඳුම්ය. මම ඇට මිදුලූ දක්වාම දිව ගිය සීතලෙන් වෙව්ලන්නට වීමි.

අපට ලබා දී තිබූ ලිපිනය අනුව ගිය අපි අලංකාර සිව් මහල් ගොඩනැගිල්ලකට පිවිසියෙමු. ධනවතුන් සඳහා වෙන් වූ මහල් නිවාසයක් වූ එහි එක් නිවසක් ඩේවිඩ් විසින් කුලියට ගෙන තිබි‚. ඇටිලා මෙහෙයුමේ පෙරමුණේ සිටියේ ඩේවිඩ්ය.

ගෙය අපට වුවමනා ආකාරයේ ආරක්ෂක ස්ථානයක් නොවන බව අපට වැටහි‚. අපට වුවමනා වූයේ අපේ ඉතිරි නිලධාරීන්ට නැවතී සිටීමට මෙන්ම සිරකරුවෙකු සඟවා රඳවා ගැනීමටද සුදුසු ආකාරයේ ඉඩකඩ ඇති නිවසකි. එහෙත් එවැන්නක් සොයා ගැනීමට නොහැකි වී තිබි‚. නිවෙස හිමිකරුවෝ කිහිප දෙනෙක් මාසයකට දෙකකට ඔවුන් ගේ නිවෙස් අපට කුලියට දීමට එකඟ වූහ. ඒ අපේ ඉල්ලීමට අනුවය. එහෙත් නිල ඇඳුම් සහිත ආරක්ෂක නිලධාරියෙක් අප සිටි මහලේ ආරක්ෂක කටයුතුවල යෙදී සිටින ආකාරය දක්නට ලැබි‚. එම නිසා මෙය ස්ථීර සැඟවුම් ස්ථානයක් ලෙස යොදා ගැනීමට අපහසු බැව් අපට වැටහි‚.

මෝටර් ප්ර්වාහන සේවයද පැවතියේ ඉතා දුක්ඛිත තත්ත්වයකය. ගුවන් තොටුපලේ සිට මෙහි පැමිණෙද්දී දුටු මෝටර් රථ සියල්ලම පාහේ අවම වශයෙන් දශකයක්වත් පැර‚ බැව් අපේ අවදානයට ලක්වූයේය. ඇතැම් ඒවා ඔබින්නේ කෞතුකාගාරයට බැව් අපි සරදමට මෙන් කීවෙමු. ඩේවිඩ් විසින් අප වෙනුවෙන් ඔහුට සොයා ගත හැකි හොඳම වාහන සොයාගනු ලැබ තිබි‚.

—මම ඇවිල්ලයි ඉන්නෙ... ඌසියි, මැල්කිනුයි පුළුවන් තරම් ඉක්මනට ඇවිත් මාව හම්බ වෙන්න...˜

ඉස්සර් ප‚විඩයක් එවා තිබි‚. ඔහු දී තිබුණේ විනාඩි දහයක පමණ ගමනකින් පසුව ළඟා විය හැකි භෝජනාගාරයක ලිපිනයකි. අපි ඩේවිඩ් විසින් සපයා දෙනු ලදුව, මෙයර්ගේ දක්ෂ කාර්මික දෑතින් අලූත්වැඩියා කරනු ලැබූ රියක නැගී වහාම නියමිත ස්ථානයට යාමට පිටත් වීමු.

—අර බලන්නකො හැමතැනම හමුදාවෙන් දාලා... අපේ වැඩේ එච්චර ලේසි වෙන එකක් නෑ...˜

ඌසි දුර්මුඛ ස්වරයෙන් කීවේය.

හැම හන්දියකම අවි දරා ගත් සොල්දාදුවෝ රැඳී සිටියහ. එමෙන්ම අවි ආයුධ සහිත වාහනද රඳවා තිබි‚. ආර්ජන්ටිනාවේ 150 වැනි සංවත්සර උත්සවය ළඟ ළඟම එමින් ඇති බවත්, එය කඩාකප්පල් කිරීමේ වෑයමක් සරණාගතයන් තුළ ඇති බැවින් මෙසේ ආරක්ෂාව තරකොට ඇති බවත් අපට දැනගන්නට හැකි වූයේය. අපේ කාර්යය වඩාත් අසීරුවන බවට ඌසි දැරූ මතය නිවැරදි වි‚.

—ඔයාලා ඉක්මනට ගිහින් අපේ මෙහෙයුම තියෙන පැත්ත හෝදිසි කරල එන්න...˜

භෝජනාගාරයේදී අප හමු වූ ඉස්සර් උපදෙස් දුන්නේය. ඒ අනුව තවත් විනාඩි කිහිපයකදී අපි නැවතත් කාරය තුළ වීමු. අප යමින් සිටියේ සැන් ෆර්නැන්ඩෝ නම් පෙදෙසටය. රිකාර්ඩෝ ක්ලෙමන්ට් හෙවත් අයික්මාන් පදිංචිව සිටියේ එම පෙදෙසේය.

මේ වනවිට අපි ඒ පෙදෙසේ සිතියම කටපාඩමින් දැන සිටියෙමු. ගැරි බෝල්ඩ් වීදියේ පිහිටි ක්ලෙමන්ට්ගේ නිවස කළු පැහැති කතිරයකින් සිතියම මත ලකුණු කොට තිබි‚. සෑම දිනකම ඔහු උදේ සවස බස් නැවතුම්පොළත් නිවසත් අතර ගමන් කරන මාර්ගය නිල් පැහැති කඩ ඉරකින් ලකුණු කොට තිබි‚. ඔහු බස් රියෙන් ගමන් කරන මාර්ගය ලකුණු කොට තිබුණේ කොළ පැහැයෙනි. අපට ඔහු පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ස්ථානද විශේෂයෙන්ම සටහන් කොට තිබි‚.

අප අදාළ පෙදෙසට පිවිසෙද්දී තදින් වැසි ඇද හැළෙමින් පැවති‚. ආරොන් ප්රෙධාන මාර්ගයේ තිබූ කාරය තියුණු රවුමක් හැරවීමෙන් පසුව පැති මඟකට යොමු කර ගත්තේය. එය අප ඡායාරූපවලින් දුටුවාටත් වඩා දිළිඳු පෙදෙසක් වි‚. හැමතැනම දකින්නට වූයේ කුඩා හා අබලන් නිවෙස්ය.

හිටි හැටියේම ආරොන් කාරයේ තිරිංග තද කළේය. අපට ඉදිරියෙන් වූ අන්ධකාර පෙදෙසේ සිට කාරය වෙතට රතු පැහැති ආලෝකයක් එල්ල වී තිබි‚.


රාත්රිහ 7.30 පසු වෙනවාත් සමගම අංක 203 දරන බස් රිය නැවතුම් පොළට ළඟා වූයේය. ක්ලෙමන්ට් එයින් බසින ආකාරය මට දැක ගත හැකි වි‚. අප පෙර දිනෙක දුටු ආකාරයටම හැඳ පැළඳ සිටි ඔහු සුපුරුදු ඍජු ආකාරයෙන්ම ඇවිදගෙන ගියේය. ඔහුගේ දෑත දෙපසට පැද්දි‚. එය වඩාත් වැදගත් වූයේය. ඔහු සතුව අවි ආයුධ ඇතත් ඒවා භාවිතා කිරීමට සූදානමක් නැති බව මම තේරුම් ගතිමි.

ඔහු ගෙතුළට ඇතුළු වෙද්දී පහන් ආලෝකය වැඩි වෙනු දැක මම බොහෝ සතුටු වීමි. දැන් මට ගෙතුළ සිදු වන දේවල් පැහැදිලිව දැක ගත හැකි වෙනු ඇතැයි මට සිති‚. කබාය සහ තොප්පිය ගලවා දැමූ ක්ලෙමන්ට් පුතු ළඟට ගියේය. ඉන්පසු ඔහු උඩට ඔසවා රවුමක් කරකැවුයේය. ඉන් පසු දෙදෙනාම හ~ නඟා සිනාසුණහ. ලෝකයේ ඕනෑම පියෙකු සිය පුතු කෙරෙහි දක්වන ආදරය, සැළකිල්ල පිළිබඳව සිතා වෙන මොහොතක නම් මා සතුටු වෙන්නට ඉඩ තිබි‚. එහෙත් මට සිතුණේ එකම එක දෙයක් පමණකි.

—මේ තරම් රුදුරු මිනීමරු යඬයෙකුගෙ හිතේ දරුවෙක් වෙනුවෙන් ආදරයක් කරුණාවක් ඉතුරු වෙලා තියෙනවාද?˜

මම තවදුරටත් ඔවුන්ගේ ඉරියව් පිළිබඳව විමසිලිමත් වීමි. ක්ලෙමන්ට් දරුවාද උකුළේ තබාගෙන ජනේලය අසළ වාඩි වූයේය. ඉනික්බිති ඔවුහු ඉන් පිටත බලා ගත්හ.

—මේ දෙන්නා එකතු වෙලා හීන දකිනවද මන්දා....˜

සිත තුළ නොරිස්සුමක් ඇති වන තරම් දිගු කාලයක් ඔවුන් එම ඉරියව්වෙන්ම සිටිනු දකිද්දී මට කියැවි‚.

ඉනික්බිති මගේ දකුණු පසින් යම් ශබ්දයක් ඇසෙන්නට විය. එය ටිකෙන් ටික වැඩි වෙද්දී ඒ භාණ්ඩ ප්රලවාහනය කරන දුම්රියක් බව මට වැටහි‚. මේ වන විට නැඟී සිටි මිනිසා එය පුතුට පෙන් වූයේය. මට පහළින් වූ රේල් පාර දෙදරවමින් දුම්රිය ඇදී යන්නට විය. ක්ලෙමන්ට් සිනාසෙමින් දරුවාට එහි මැදිරි ග‚න්නට උදව් දෙන ආකාරය දුටු මම මවිතයට පත් වීමි.

—ඔය වගේ කෝච්චිවල පුරවලා මිනිස්සු මරපු උඹ කොහොමද මිනිහො ඔහොම හිනා වෙවී කෝච්චි පෙට්ටි ගණන් කරන්නෙ...?˜

කෑ ගසා අසන්නට මට සිති‚. මා ආපසු පැමි‚යේ බොහෝ සෙයින් බර වූ හදවතින් යුතුවය.

අගනුවර සිට උතුරු දෙසින් පිහිටි පැයක ගමණකින් ළඟා විය හැකි නගරයකින් ගෙයක් සොයා ගැනීමට ඩේවිඩ් සමත් වූයේය. එය අපේ හොඳම සැනසිල්ලට හේතු වි‚. උණුසුමක් නොවුවත් එම නිවස පිහිටියේ හුදෙකලාවය. එය අඩි අටක තාප්පයකින් වට වී තිබූ අතර සේවකයන් සිටියේ නැත. කුස්සියට යාබදව තිබූ නිදන කාමරය සිර කරුවා සඳහා වෙන් කළ යුතුයයි මියර් යෝජනා කළේය. එහි වූයේ ඉතා කුඩා වූ එකම ජනේලයක් පමණකි. හදිසියක් වූ විට යාබද වැරැන්ඩය දිගේ රැගෙන ගොස් සිරකරු සඟවන්නට ඉඩ ලැඛෙන බව අපි නිගමනය කළෙමු. නිවසේ තාප්පයෙන් මෙපිට වූයේ ඉඩ කඩ ඇති මිදුලකි. මියර්ට සිය කාර්මික වැඩ කිරීමට ඒ පෙදෙස ඉතාමත් සුදුසු වූයේය. අළු පැහැති ක්ර යිස්ලර් රියක් සහ කළු පැහැති මර්සීඩීස් රියක් මෙහෙයුමට අවශ්යෙ ආකාරයට අලූත් වැඩියා කරන්නට මියර් සමත් වූයේය. අප භාවිතා කරන්නට අදහස් කළ මර්සිඩීස් කාරය වඩාත් හොඳ තත්ත්වයට පත් කරන්නට මියර් වග බලා ගත්තේය.

තීරණාත්මක දිනය ළං වෙද්දී එහි වැඩ සටහන පිළිබඳව අප අතර විවාදයක් හට ගත්තේය. මෙහි සැලැස්ම සකස් කොට තිබුණේ මාස කිහිපයක් තිස්සේම ක්ලෙමන්ට් පිළිබඳව විමසිල්ලෙන් සිටි අපේ නියෝජිතයෙකු වූ හාන්ස් විසිනි. සැලස්ම අනුව මවිසින් කළ යුතු වූයේ ගැරිබෝල්ඩ් වීදියේ සැඟවී සිටි ක්ලෙමන්ට් බස් නැවතුම් පොළේ සිට නිවසට එද්දී ඔහු මතට පැන ඔහු මෙල්ල කර ගැනීමය. මියර් මට සහාය පි‚ස ඒ කිට්ටුවම සැඟවී සිටිය යුතුය. අනෙක් අය වාහන දෙකක් සමගම අංක 202 දරන මාර්ගයේ කෙළවරක සැඟවී සිටිය යුතුය. අප අදාළ පුද්ගලයා අල්ලා ගත් බව දැන ගත් වහාම ඔවුන් පැමණ අප වාහනයට නංවා ගන්නවා ඇත. එතෙක් අපට ආරඬාවක් නොවි‚.

—පොලිස් කාරයෙක් හරි, සාමාන්යන මිනිහෙක් හරි එතනින් ගියොත් ඒ වෙලාවටම ...? මොකද එතකොට වෙන්නෙ ...? මම විමසීමි.

—මොනවා වුණත් ඔයාලා ඇටිලට යන්න ඉඩ දෙන්නෙ නෑ...˜

හෑන්ස් අවධාරණය කළේය. අප ඇටිලා වශයෙන් හැඳින්වූයේ ක්ලෙමන්ට්ය.

—මේ ප්ලෑන් එකේ හැටියට නම් අයික්මාන් ජෙරුසලමට ගෙනියන්න පුළුවන් වෙන එක්ක නෑ.... මියර්ටයි මටයි බුවනොස් අයර්ස් හිර ගෙදර ඉන්න නම් පුළුවන් වෙයි ....˜

මම සැලසුමට විරුද්ධත්වය ප්රමකාශ කරමින් පැවසීමි.

අප තීරණාත්මක දිනය වශයෙන් යොදාගෙන සිටියේ මැයි 11 දාය. මැයි 10 දා අපි අවසන් සාකච්ඡාව සඳහා රැස්වීමු. ඉස්සර් ඔහුගේ පුටුවේ වාඩි වී අප දෙස බලා සිටියේ ගැඹුරු බැල්මකිනි. අයික්මාන් ආර්ජන්ටිනාවෙන් පිටතට ගෙන යාම පි‚ස එක දිගටම නොනවත්වා වැඩ කළ බැවින් ඔහු බොහෝ වෙහෙසී සිටියේය. ඔහුගේ දෙනෙත් බොහෝ සෙයින් රත් පැහැ ගැන්වී තිබි‚.

—ඌසි, දැන් ප්ලෑන් එක විස්තර කරන්න....˜

ඔහු උගසිට කීවේය.

සැලැස්ම අනුව මා යා යුතු වූයේ මර්සිඩීස් රථයෙනි. එය කැඩී ඇතිවාක් මෙන් පෙනෙන්නට ගැරි බෝල්ඩ් වීදියේ පසෙක නවත්වා එන්ජින් වැස්ම විවර කළ යුතුය. මියර් එය සකස් කරන බවක් ඇඟවිය යුතුය. ඒ අතරේ හැන්ස් සහ ඌසි විරුද්ධ පැත්තේ සිට සෙමින් සෙමින් ඇටිලා දෙසට පැමිŒමටද නියමිත වි‚. මා පෙන්විය යුතු වූයේ වාහනයට කිසිදු සම්බන්ධයක් නැති බවකි. මවිසින් ඇටිලා යටත් කර ගත් පසුව ඔහු කාරයට දමා ගන්නට මියර් මට උදව් කරනවා ඇත. අපට යම් අවහිරයක් වුවහොත් ආධාර කිරීම පි‚ස අනෙක් කාරය නවතා තැඛෙන්නේ ගැරිබෝල්ඩ් මාවතෙන් 202 මාර්ගයට හැරෙන හන්දියේය.

හාන්ස්ගේ සැලැස්මෙහි දුර්වලතා කිහිපයක්ම ඇති බව හැඳින ගැනීමට මට හැකි වූයේය. ඒ මේ අත යන මිනිසුන්ට පාර අද්දර සිටියදී අප දැක ගැනීමට හැකි වෙනවාට අමතරව 202 මාර්ගයේ කාරයේ සිටින අයට අප කරන දේවල් හරි හැටි බලා ගැනීමට නොහැකි වුවහොත් එයද ගැටලූවකි. මහා මාර්ගයේ පසෙක කාර් දෙකක් නවතා තිඛෙනු දැක ඒවා පරීක්ෂා කිරීම පි‚ස පොලිස් නිලධාරියෙක් පැමි‚යහොත් අපට දෙන්නට පිළිතුරක් නොමැති වෙනවා නොඅනුමානය. ඉස්සර්ට ද මගේ සැකය ඉව වැටී තිබි‚.

—කාර් එක දැකල බයවෙලා ඇටිලා දුවන්න පටන් ගත්තොත් එහෙම මොකද වෙන්නෙ...?˜

ඔහු විමසීය.

එය තර්කානුකූල සැකයක් වුවත් එසේ සිදුවනු ඇතැයි මම නොසිතීමි. ආඩම්බරකාර ජර්මන් නිලධාරියෙකු වූ ඔහු කිසි විටෙකත් බියෙන් සසල වී දුවන්නට පෙළඹෙනු නැත.

—සැකයක් ඇති වෙන හැම දේකින්ම පැනල දුවන්න කිසිම කෙනෙකුට පුළුවන් වෙන්නෙ නෑ... ඒ විදියට ජීවත් වෙන්න පුළුවන්ද..?˜

මම විමසීමි. සියලූ දෙනාම නිරුත්තර වූහ.

—ඒත් මෙහෙම දෙයක් තියෙනවා...˜ මම නැවතත් කතාව ඇරඹීමි.

—හාන්ස්ගෙ ප්ලෑන් එක වැරදුණොත් ඒ කියන්නෙ ඇටිලගෙ හිතේ සැකයක් ඇතිවෙලා කියල පෙනුණොත් අපි බොනට් එක වහලා කාරෙක ස්ටාර්ට් කරගෙන එන්න එමු. එතකොට එයා හිතයිනෙ බොරු සැකයක් ඇති කරගත්තෙ කියලා.. අපි වෙන වෙලාවක ආයෙමත් උත්සාහ කරල බලමු...˜ මම යෝජනා කළෙමි.

වාඩි වී සිටි පුටුවෙන් නැගී සිටි ඉස්සර් මවෙතට විත් ඔහුගේ දෑතම මගේ දෙඋරහිස් මත තැබීය. එහි ප්රතශංසාවක් මෙන්ම අවවාදයක්ද ඇති බැව් මම වටහා ගතිමි.

—හරි, පීටර් ඔයාගෙ යෝජනාවට මම එකඟයි. හැබැයි හැමදේම ඔයා බලාගන්න ඕන.˜ ඔහු කීවේය.

මැයි 11දා උදා වි‚. මියර් සහ ඌසි කාර් පරීක්ෂා කොට බැලීම පි‚ස ඒවා පදවාගෙන රවුමක් ගියහ. පැයකට පමණ පසුව ඔවුන් ආපසු ආවේ සතුටින් ඉපිලෙමිනි.

—ෂහ්, ෂෝ රූම් එකෙන් මේ දැන් එළියට ගත්තා වගේ...˜ ඌසි කීවේය.

ඒ උදයේ මගේ රාජකාරිය වූයේ සිරකරුවා ගේ කාරමය සූදානම් කිරීමය. මට ඒ සඳහා විනාඩි 20කට වඩා ගතවූයේ නැත. මම ඇඳට ඇතිරිල්ලක් සහ පොරෝනාවක් දැමීමි. ඉරි සහිත පිජාමා ඇඳුම් කට්ටලයක් තුවායක් කළු ලොකු ලේන්සුවක්, මෝටර් සයිකල් පදින විට පළඳින කණ්ණාඩි කුට්ටමක්ද මා සූදානම් කළ බඩු බාහිරාදිය අතරේ තිබි‚. කළු ලේන්සුව ඇස් දෙක බැඳීමටය. එය නිසි ලෙස රැඳවීඹට කණ්ණාඩි කුට්ටම උපකාරී වෙනු ඇත. ඇඳේ එක් පසෙකට මාංචු යුගලක් සවි කිරීමට ද මම වග බලා ගතිමි.

අපට පිටත් වෙන්නට නියමිතව තිබූ වේලාවට පැයකට පෙර මගේ කාමරයට ගිය මම ඇඳේ වැතිරුණෙමි. මගේ නිවස, මගේ අම්මා ඇතුළු මා ආදරය කරන බොහෝ දේවල් සිත හමුවේ පෙළ ගැසි‚. එහෙත් ඒ සියල්ල පසෙකට තල්ලූ කරමින් සිතට පිවිසියේ ක්ලෙමන්ට්ය. පුහුණු සොල්දාදුවෙකු හා අවුරුදු 15ක් තිස්සේම නිරුපද්රිලතව ජීවත් වූ මිනීමරුවෙකු වූ ඔහු දක්ෂ පුද්ගලයෙකු බැව් අවිවාදයෙන්ම පිළිගත යුතුය. මගේ සුළු ප්රපමාද දෝෂයකින් ඔහුට පලා යාමට ඉඩ ලැබුණහොත් අප මෙතෙක් ගත් වෙහෙස ප්රබතිඵල රහිතය. ඒ සමගම ඔහු සැබෑවටම අයික්මාන්මදැයි ප්රමශ්නය මගේ සිත තුළ පෙරළි කළේය.

මම නාන කාමරයට ගොස් සීතල වතුරින් මුහුණ දොවා ගතිමි. ඉන් පසු කැඩපතට එබි බැලීමි. කෙනෙකු පැහැර ගන්නට යන අයෙකු තුළ තිඛෙන ලක්ෂණ මා තුළ තිබේදැයි මම සෝදිසි කළෙමි. එහෙත් වෙනසක් දක්නට නොවි‚. තවත් මොහොතකට පසුව මම බොරු කොණ්ඩයකින් හා කණ්ණාඩි කුට්ටමකින් ද නිල් පැහැති ස්වේටරයකින් සහ කළු කලිසමකින්ද සැරසුණෙමි.

යටි පැත්ත ලෝමවලින් ද උඩු පැත්ත සමින්ද නිමකරන ලද අත් මේස් කුට්ටමක්ද මම කලිසමේපිටුපස සාක්කුවට ඔබා ගතිමි. ඒ සීතලෙන් ගැලවීම අරමුණු කොටගෙන නොවේ. මා ක්ලෙමන්ට් අල්ලා ගත යුත්තේ ඔහුගේ මුව මගේ අතින් වැසීමෙන් අනතුරුවය. මිලියන ගණනක් මරා දැමීමට අණ කළ මුවක් මගේ අතින් වැසීමේදී එහි කෙළ හා උණුසුම අතේ තැවරෙනු ඇත. ඒ ගැන සිතද්දීත් මට දැනුණේ දැඩි පිළිකුලකට එක් වූ භීතියකි.

වේලාව 6.45 බව ඔරලෝසුවේ දැක්වි‚. ඒ අප පිටත් විය යුතු වේලාවය. නියමිත මෙහොත ළං වෙමින් තිබේ. සැන්ෆර්නැන්ඩෝ වෙත යාමට අපට ගත වන්නේ මිනිත්තු 30ක් හෝ 35ක් පමණකි. ඒ ඇටිලාගේ බසය ළඟා වීමට පැය කාලකට පෙර වේලාවකි. කැඩුණු කාරයක් සමග එතරම් සුළු වේලාවක් මග රැඳී සිටීම පිළිබඳව කිසිවෙකු සැක නොකරනවා ඇත.

අපි කතාබහකින් තොරව රිය ධාවනය කළෙමු. 7.15 පසු වී සුළු වේලාවකට පසු ගැරි බෝල්ඩ් වීදියට පැමිŒමට අපට හැකි වූයේය. අපි ක්ලෙමන්ට් නිවසට යාර 20කට මෙපිටින් කාරය නැවැත්වීමු. 202 පාරේ නවතා තිඛෙන කි්රහස්ලර් රියද අපට දැකගත හැකිවි‚. එහි ප්රතධාන ලාම්පු නිවා තිබි‚.

පාර පාළු වී තිබි‚. දැඩි සුළඟක් පරිසරය පුරා හමා ගියේය. විනාඩියකට දෙකකට වරක් විදුලි කෙටීම් සහ අහස ගෙරවීම් ඇති වුවත් වැස්සක් තිබුණේ නැත. කාරයෙන් බිමට බැස්ස මම පියවර 40ක් ආපසු ගමන් කොට ඔහු හමුවෙන තැන සලකුණු කොට ගතිමි. ඉනික්බිති සුළඟින් බැට කමින්, උණුසුම් වෙන්නට උත්සාහ දරමින් විනාඩි විස්සක් ගත කළද මට එය දැනුණේ දීර්ඝ කාලයක් ලෙසය.

මම ආපසු කාරය වෙතට ගොස් ඉදිරි ජනේලයට තට්ටු කළෙමි. ඌසිගේ හිස පිටතට එබි‚. විදුලි කෙටීම නිසා මොහොතකට ඔහුගේ මුහුණ ආලෝකමත් වූයේය.

—පරක්කු වෙනවනෙ... මොකද දැන් අපි කරන්නෙ...?˜ මම විමසීමි.

—මට පේන්නෙ අපිට මිනිහා මග ඇරුණා වගේ... සමහර විට අද කලින් ආවද දන්නෙ නෑ...˜

හෑන්ස් කීවේය. මම හිස සෙලවීමි.

—නෑ වෙන්න බෑ... මිනිහා තවම ඇවිත් නෑ කියල ගෙදර එළියෙන් මට කියන්න පුළුවන්...˜

—අපි එයාට තවත් විනාඩි පහළොවක් දීල බලමුකො...˜ ඌසි කීවේය.

මම තවත් විනාඩි කිහිපයක් කාරය අසළ සිටගෙන සිටියෙමි. ඉන්පසුව වම්පසට හැරී බලද්දී මගේ නෙත ගැටුණේ හුරුපුරුදු සහ ප්රිායමනාප දසුනකි. බුවනෝර්ස් අයර්ස් සිට පැමිණෙන අංක 203 දරන බසය එමින් තිබුණෙය්.

203 අංකය දරන බසය දර්ශන පථයට පැමිŒමේ සතුට විඳින්නට අපට ඉඩ ලැබුණේ එක් මොහොතක් පමණකි. ඊළඟ මොහොතේ බයිසිකලයක නැඟගත් තරුණයෙක් ගැරිබෝල්ඩ් වීදියට හැරුණේය. ඔහුගේ උඩු කබාය සරුංගලයක් මෙන් සුළෙඟ් සැලෙනු අපට පෙනි‚. අප දුටු විගසම ස්පාඤ්ඤ භාෂාවෙන් යමක් කියා කෑ ගැසූ ඔහු අප දෙසට බයිසිකලය පදින්නට පටන් ගත්තේය. ඇත්තටම කාරය කැඩී තිබුණේ නම් ඒ තරුණයා අපට සුබ දසුනක් වෙනවාට සැක නැත. එහෙත් මෙම මොහොතේ අපේ සිත්වලට නැඟ=ණේ එකම සිතුවිල්ලකි.

—කරුණාකරලා අපිට පාඩුවේ ඉන්න දීලා යන්න...˜

එහෙත් අපට එම සිතුවිල්ල වචනවලට පෙරළන්නට හැකියාවක් නොවි‚. තරුණයා අප වෙතට ළඟා නොවි‚. තරුණයා අප වෙතට ළඟා වෙද්දීම ඔහුට සිනාවක් පා මෙයර් සියල්ල නිවැරදි බව ඇඟවෙන සේ හිස සලා කාරයේ බොනට්ටුව වසා දැමුවේය. අපට අත වනා ආචාර කළ තරුණයා යන්නට ගියේය. ඔහු නොපෙනී යන තුරු බලා සිටි මෙයර් නැවතත් බොනට්ටුව විවර කළේය.

බස්රිය නැවතුමේ නතර කළ විට —ඇටිලා˜ බසයෙන් බැස්සේය. ඔහු සේයාවක් ලෙසින් ගැරිබෝල්ඩ් විදියට හැරෙනු දුටු මම මගේ පාඩුවේ සෙමින් සෙමින් ඔහු දෙසට ඇවිදගෙන යන්නට වීමි. සතර අතින්ම විදුලි කොටුවද අකුණු ගැසුවද වැස්සක් නම් නොවීය. එය අවසන් විනිශ්චය දිනයයි, මට සිතෙන්නට වි‚.

උස් කරගත් කොලරයෙන් හා සාක්කුවල රුවාගත් දෑත සහිත උඩුකබායෙන් සැරසුණ ඔහු සෘජු පියවරින් මා දෙසට එමින් සිටියේය. අප දෙදෙනා අතර වූයේ අඩි 50ක පමණ පරතරයක් පම‚. ඔහුගේ සපත්තු හ~ මට ඇසෙන්නට වූයේ ඔරලෝසුවක ටික් ටික් නාදය පරිද්දෙනි. කාරය දැකීමෙන් ඔහු නවතිනු ඇතැයි මා සිතුවද ඔහු නතර වූයේ නැත. අප අතර පරතරය අඩි පහළොව දක්වා අඩු වූයේය.

—පොඩ්ඩකට සමා වෙන්න මහත්තයා˜

සති කිහිපයක් තිස්සේ පුරුදු වූ වාක්යය ඛණ්ඩය මා මුවින් ගිලිහි‚.

ඔහු නැවතුණේය. කළු පැහැති රාමුවක් සහිත උපැස් යුවළින් වැසුණු දෑසින් නිකුත් වූ තියුණු බැල්ම මගේ බැල්ම සමග පැටලි‚. ඔහු පියවරක් පසුපසට තැබීය. අන්න ඒ මොහොතේ මම ඔහු වෙත කඩා පැන්නෙමි.

වේගයෙන් බිමට ඇද වැටුණු අප පෙරළී ගොස් නැවතුණේ පාර අද්දර වූ අගලක් තුළය. පිටුපසට ඇද වැටුණු මම මඩ තට්ටුවක එරුණෙමි. එහෙත් මම ඔහු ගේ ගෙල වටා අත යවා අල්ලාගෙන සිටි ග්රපහණය මඳක් හෝ ලිහිල් නොකළෙමි. ඔහු ගේ මුවින් ගොර ගොර හ~ක් නිකුත් විය. මම ඔහුත් ඇදගෙනම අගලෙන් ගොඩට ආවෙමි. ඒ මොහොතේදී ග්රුහණය මඳක් ලිහිල් වූයේ ඔහු උගුලට පත් සතෙකු මෙන් මහ හඬින් කෑ ගැසිීය. මම වහාම ඔහු ගේ ගෙල සිරකොට එම හ~ පාලනය කළෙමි.

—කෑ ගැහුවට වැඩක් නෑ,.. මේ තමයි උඹගෙ අවසානේ...˜

මම ඔහු කාරය වෙතට ඇදගෙන යමින් කීවෙමි.

මෙයර් වහා අප වෙත ආවේය. ඔහු දෙපාවලිනුත් මා හිස පැත්තෙනුත් ඔසවාගෙන අපි සිරකරුවා කාරය වෙතට රැගෙන ගියෙමු. සම්පූර්ණයෙන්ම අරින ලද පිටුපස දොරෙන් සිරකරුවා ඇතුළට තල්ලූ කළ මම ඔහුගේ කට වසා ගත්වනම කාරයට නැඟ=ණෙමි. මෙයර් වහාම ඉදිරිපස අසුනට දිව ගිය අතර හාන්ස් කාරය පණ ගන්වා ගත්තේය. කාරය ඉදිරියට ඇදී යන අතර තුර සිරකරුට මුකවාඩමක් දමා දෑස ද වසා දැමීමට අපට හැකි වූයේය. ඉනික්බිති ඔහු මතින් පොරොනාවක් ද දමන ලදී ඔහු කිසිදු හැල හොල්මනක් නැතිව පොළවේ වැතිර සිටියේය.

විනාඩි විස්සකට පසුව කුලියට ගත් නිවසේ දොරකඩ කාරය නතර කළෙමු. වහාම ගේට්ටුව වසා දැමූ ඩේවිඩ් කාරයට එබී බැලීය.

—එහෙනම් ඔයාල ඒක කළා.˜

ඔහු කීවේ ජයග්රා හි හඬිනි.

ඌසි සහ මම සිරකරුවා ඔහුගේ කාමරයට ගෙන ගියෙමු. හැම දොරක්ම වසා දමමින් හාන්ස් ද අප පසුපස ආවේය. සිරකරු දෙස අප ඕනෑකමින් බැලූවේ ඔහු කාමරයට රැගෙන ගියාට පසුවය. තවමත් ඇස් ආවරණ පැළඳගෙන උඩු කබායෙන් සැරසී සිටි ඔහු දරද~ු ආකාරයෙන් කාමරය මැද සිටගෙන සිටියේය. ක්රෝැධාත්මක හැඟීමකින් මෙන් ඔහු අතැඟිලි මිට මොළවමින් හා දිග හරිමින් සිටියේය.

මාස ගණනාවකට පෙර අපි එස්.එස්. හමුදාවේ ලිපි ගොනුවලින් අයික්මාන් හඳුනා ගත හැකි සියලූම ලකුණු අධ්යගයනය කර සිටියෙමු. ඔහුගේ උස, බර, හිසේ වට ප්රහමාණය, සපත්තුවල ප්ර.මාණය ඔහුගේ සිරුරේ ඇති ලප කැළැල්, දත්වල පිහිටීම, ලේවල වඟ_ය සඳහන් වම් බාහුවේ යටි පැත්තේ ඇති පච්චය ආදී සියල්ලම අපට කට පාඩමින් කිව හැකි වි‚.

—මොකක්ද ඔහේගෙ නම...?˜

හාන්ස් ආර්ජන්ටිනා බසින් ඇසීය.

—රිකාර්ඩෝ ක්ලෙමන්ට්˜

ඔහු දුර්වල වූත් රළු වූත් හ~කින් පිළිතුරු දුන්නේය. හතර වතාවක්ම අසන ලද නමුත් ඔහුගෙන් ලැබුණේ එම පිළිතුරමය.

—මෙයාගෙ කෝට් එකයි කමිසෙයි ගලවනවා...˜ කෝපයට පත් හාන්ස් අණ කළේය.

අපි ඔහුගේ කබාය කමිසය පමණක් නොව සපත්තු ද ගලවා දැමීමු. ඔහුගේ කණ්ණාඩි කුට්ටම නැති බව මා දුටුවේ ඒ මොහොතේය.

—දෙවියනේ... ඒක කොහේ වැටුණද දන්නෙ නෑ...˜

එසේ සිතුවේ වී නමුදු මම ඒ මොහොතේ කිසිවෙකුටවත් කිසිවක් නොකියා නිහ~ වීමි.

තවමත් අතැඟිලි නමමින් දිග හරිමින් අයික්මාන් අප ඉදිරියේ සිටගෙන සිටියේය. හාන්ස්ගේ අණට අනුව මම ඔහු ගේ වම් අත ඉහළට එසවීමි. පච්චය ඉවත් කිරීම නිසාදෝ ඇති වූ කැළලක් එහි තිිබි‚. එහෙත් වාර්තාවලින් දැක්වුණු ආකාරයටම ඔහුගේ පපුව මත වූ කැළල නොවෙනස්ව තිඛෙනු පෙනි‚. අපි නිහ~වම ඔහු ගේ උස බර ගණනය කළෙමු. ඒවා අප ළඟ වූ වාර්තාවලට හරියටම ගැලපි‚.වෙනස් වූයේ දත් පමණකි. අප ඉදිරියේ සිටි මේ මිනිසා පැළඳ සිටියේ බොරු දත් කූට්ටමකි.

—මොකක්ද නම...?˜

හාන්ස් නැවතත් විමසීය.

—ඔටෝ පෙනින්ගර්˜ එවර ඔහු කීවේය. එය යුද්ධයෙන් පසු ඔහු භාවිත කළ ආරූඪ නමක් බැව් අපි දැන සිටියෙමු.

—එස්. එස්. හමුදාවෙ ඔහේ ගෙ අංකය 45526 නේද?˜

හෑන්ස් විමසීය

—නා 45326˜ මඳ නිහැඬියාවකට පසුව ඔහු තෙපළේය.

—හොඳයි... මම මේ අන්තිම සැරේට අහන්නේ.. මොකක්ද ඔහේ ගෙ නියම නම...?˜ හාන්ස් විමසුවේ තදිනි.

—ඇඩොල්ෆ් අයික්මාන්...˜

අප ලොමුදැහැ ගන්වමින් පිළිතුරු ලැබි‚.

මුර සේවය බාර ගැනීමට මියර් පැමි‚ විගසම වහා මිදුලට පැමි‚ මම මර්සිඩීස් රිය පූර්ණ පරීක්ෂාවකට ලක් කළෙමි. එහෙත් අයික්මාන් ගේ කණ්ණාඩි කුට්ටම සොයා ගැනීමට පුළුවන් වූයේ නැත.

අයික්මාන් අතුරුදන්වූ බැව් දැන ගත් විගස පවුලේ අය කළබල වෙන ආකාරයත් ඔවුන් ඔහු පිළිබඳව රෝහල්වල සහ පොලිස් මෘත ශරීරාගාරවල සොයා බලන අන්දමත් ගැන අපි කතා බහ කොට සිටියෙමු. ඔහු පැහැරගෙන ඇති බැව් ඔවුන් අනුමාන කරන්නේ ඉන් පසුවය. එහෙත් ඔවුන් අර අගල තුළ ඔහුගේ කණ්ණාඩි කුට්ටම වැටී තිඛෙනු දුටුවහොත් සියල්ල වෙනස් වෙනු නොඅනුමානය. මගේ සිතට දැඩි බියක් දැනෙන්නට විය. මම වහා ගොස් ඌඩිගේ කාමරයේ දොරට තට්ටු කළෙමි. —ඇයි මොකක්ද ප්රේශ්නේ...?˜

ඌඩි වහා විමසුවේ මගේ බියපත් මුහුණ දැක ඇති වූ තිගැස්මෙන් යුතුවය. මම සියල්ල කීවෙමි. ඌඩි සුපුරුදු සන්සුන් විලාසයෙන් යුතුව ඇහුම්කන් දුන්නේය.

—අයේ යන්න ඕනෑ වෙයි කියලා මම හිතන්නේ නෑ..˜ ඔහු කීවද මගේ සිතට සැනසිල්ලක් නොවි‚.

—නෑ මං ගිහින් බලලම එන්නම්. ඔයා දන්නවනේ මම අවදානම් දේවල් කරන්නේ නෑ කියලා....˜ මා කීවට ඌඩි විරුද්ධත්වයක් නොපෑවේය.

අංක 203 බසයට නැගුණු මා තනිවම ආපසු සැන් ෆර්නැන්ඩෝ වෙත ගියෙමි. හිම මිදෙන තරම් සීතල මධ්යීම රාත්රිරයේ ගැරි බෝල්ඩ් වීදිය වෙත මා ඇවිදගෙන යද්දී පරිසරයේ වූයේ දැඩි නිහ~ බවකි. විදුලි පන්දමක ආධාරයෙන් අයික්මාන් සහ මා මඩ අගලට වැටුණු ස්ථානය සොයා ගැනීමට මට හැකි වූයේය. විනාඩි කිහිපයක් සොයා බැලීමෙන් පසුව කැඩුණු කණ්ණාඩියක කැබලි සොයා ගැනීමට මට හැකි වූවත් කණ්ණාඩි රාමුව නම් තිබුණේ නැත. අප ඔහු ඔසවාගෙන කාරයට ගිය මාවතේ පවා කිසිවත් නොවි‚.

සොයා බැලු තරම ප්ර මාණවත් බැව් අවසානයේදී මම තීරණය කළෙමි. දැන් ඉතිං නැතිවූ කණ්ණාඩිය සම්බන්ධයෙන් කළ යුතු යමක් නැත. මම සෙමින් සෙමින් 203 බස් මාර්ගය දෙසට ඇවිද එන්නට පටන් ගතිමි.. බස් නැවතුම්පොලට ළඟා වෙන්නට ප්ර්ථම මම අවසාන වතාවටත් හැරී බැලීමි. අයික්මාන් ගේ නිවසේ තවමත් පහන් දැල්වී තිබුණේ නිවැසියන් ඔහු එනතුරු බලා සිටින බැව් කියා පාමි‚.

මම පසුදා අලූයම නැවතත් මුර සේවය බාරගනිමි. මා හි`ද සිිටියේ අයික්මාන්ගේ ඇද පාමුල තබන ලද ස්ටූලයකය. ඔහු නිදාගත්තේ මඳ වශයෙනි. එහෙත් මම ඔහු සමග වදනක් හෝ කතා නොකළෙමි. එසේ කතා නොකරන ලෙස අපට දැඩි අණක් මුලදී පනවා තිබි‚. එහෙත් ලේන්සුවෙන් බ`දින ලද දෑසින් යුතු ඔහුගේ මුහු‚න් මගේ දෑස ඉවතට ගන්නට මට නොහැකි වූයේය. ඔහුගේ මුහුණේ ඉරියව් වරින් වර වෙනස් වෙනු මට පෙ‚නි. ඔහුගේ තොල් හකු පාඩා දෙබැම නිතර නිතරම සළිත වූයේ ඔහුට පාලනය කර ගත නොහැකි ආකාරයෙනි. යටත් වීමට සිදුවීම නිසා උපන් පරාජය හෝ කෝපයට ඉඩ දී බිය පලා ගොස් ඇතුවාක් මෙන් පෙ‚නි. මෙවන් හැඟීම් ඇති මිනිසකු අර තරම් දරුණු වූත් ම්ලේච්ඡ වූත් මිනීමැරුම් සිදු කරන්නට අණ දුන්නේ කෙළෙසදැයි මා මගෙන්ම ප්ර ශ්න කරග්තේ මවිතයෙන් යුතුවය.

විධිමත් ලෙස ඔහුගෙන් ප්රගශ්න කිරීම සඳහා හාන්ස් යොදවා තිබි‚. පළමු වතාවට ඔහුගේ ඇස් බැඳ තිබූ බැම්ම ඉවත් කෙරි‚. අපේ පුදුමයට හේතු වූයේ ඔහු දෑස තර කොට පියාගෙන සිටීමය.

—අරිනවා ඇස් දෙක...˜ හාන්ස් අණ කළේය. ඔහු දෑස විවර කොට ආලෝකයට හුරුවීම සඳහා කිහිප වරක් ඇසිපිය සැලීමෙන් අනතුරුව අප දෙස බැලීය. ආර්ජන්ටිනාවේ දක්ෂිණාංශික පක්ෂ සමග ඇති සම්බන්ධතාවය පිළිබඳව හාන්ස් ඔහුගෙන් ප්රැශ්න කළේය.

—අපි ජර්මානුවෝ.. අපි සම්බන්ධකම් පවත්වන්නේ ජර්මානුවොත් එක්ක විතරයි....˜ ඔහු ඍජුවම කීවේය. අප නැවතී සිටියේ නගරයෙන් ඈත් වූ හුදෙකලා නිවසක වූවත් අපේ සිත් තුළ බොහෝ ප්ර ශ්න තෙරපෙමින් තිබි‚. බුවනෝස් අයර්ස්හි බොහෝ නාසීන් වෙසෙන බැව් අප දැන සිටියෙමු. ඒ අයට කතා කොට ආධාර ඉල්ලීමට අයික්මාන් පවුලේ අය පෙළඹෙන බව නිසැකය. මේ වන විටත් ඇතැම් විට කිසිවකු අප ලූහු බඳිමින් සිටින්නට පුළුවන. ඒ කවුරුන් විය හැකිද? අප මේ නිවසින් එළියට ගැනීම පි‚ස ඔවුන් කුමක් කරනු ඇද්ද?

—තමුසෙලා මාව මරන්නද යන්නේ...?˜

හාන්ස්ගේ ප්රමශ්න කිරීම අවසන්වූ පසුව අයික්මාන් විමසීය. ඉනික්බිති බොහෝ වාරයක් ඔහු එය ඇසීය.

—නෑ.. අපි තමුසෙව මරන්නේ නෑ..˜

හාන්ස් කිව්වත් ඔහු එය විශ්වාස කළ බවක් නොපෙනි‚.

කිිසිදු ප්රවවෘතAතියක් දැන ගැනීමට නොහැකිව ගෙතුළටම කොටු වී සිටින්නට සිදුවීම අපට මහත් මානසික වදයක් බවට පත්වෙමින් තිබි‚. අයික්මාන් පැහැර ගැනීම පිළිබඳ තොරතුරක් ඇද්දැයි දැන ගැනීමට හැකි වූයේ අප සතුව තිබූ කුඩා රේඩියෝවෙන් පමණකි. එහෙත් එයින් අයික්මාන්ගේ නමවත් නෑසි‚.

අපට වදයක් වූයේ ප්රරවෘත්ති දැන ගැනීමට නොහැකි වීම පමණක් නොවේ. මේ වන විටත් අයික්මාන්ගෙ අතුරුදන් වීම පිළිබ`දව රජයට දැනුම් දී ඇතුවා නොඅනුමානය. එබඳු පැහැර ගැනීම් රජයේ ආරක්ෂාවටද තර්ජනයක් බැවින් ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරෙනු ඇත. මෙය ආර්ජන්ටිනාවද බොහෝ දුෂ්කර බවකට පත් කෙරෙන අවස්ථාවකි. ප්රුබල නාසි මිනීමරුවෙකුට වසර ගණනාවක් රැකවරණ සැළසුවා පමණක් නොව සිය රටේදීම ඔහු පැහැරගෙන ගිය බවද දැන ගත් විට ආර්ජන්ටිනාව ලෝකයේ අපවාදයට බ`දුන් වීම නොවැළැක්විය හැකිය.

හැම මොහොතකම දොරටුව අසළ ආරක්ෂක භටයෙකු රඳවා තැබීමට ඌඩි ක්රිටයා කළේය. ඇතැම් විටෙක ඔහු මැදියම් රැයේදී පවා මා අවදිකොට අවට පරීක්ෂා කරන්නට යන්නට අණ කළේය.

අයික්මාන් සිර බාරයට ගත්පසු ඔහු සම්පූර්ණ දවසක් ගත වන තුරුම කෑම බීම ප්රටතික්ෂේප කරමින් ඇඳේ වැතිර සිටියේය. ඔහු ඇඳට තබා බැඳ දැමනු ලැබ තිබි‚. ඔහු ගේ වම් කම්මුලේ මස් පි~ු නටනු මම දිටිමි.

—කෑම කනවා....˜

දෙවැනි දිනයේ උදේ ආහාර සහිත බන්දේසිය ඔහු වෙතට රැගෙන ගිය මම තදින් අණ කළෙමි. ඔහු එයට ප්රැතිචාර දැක්වීය. යම් අණක් දුන්විට ඔහු වහා එයපිළිපදින බැව් කාලය ගෙවී යද්දී මට වටහා ගත හැකි වි‚.

එදින රාත්රිේයේ සියලූ දෙනාම නිදාගෙන සිටියදී මම පමණක් අයික්මාන් ගේ ඇඳ අසළ වූ ස්ටූලය මත වාඩි වී මුරසේවයේ යෙදී සිටියෙමි. කාලය ගෙවා ගැනීමට මට ඉතාමත් අසීරු විය. මඳ වේලාවක් කල්පනා කරමින් සිටි මම මගේ සාක්කුවේ වූ මාර්ගෝපදේශ අඩංගු පොතත් වෙස් වලා ගැනීමේ උපකරණ කට්ටලයේ වූ තෙල් සායම් පැන්සල් ද අතට ගෙන අයික්මාන් සිතුවමට නැගීමට පටන් ගතිමි. මා අත ඇඳීමට සුදුසු කඩදාසි වශයෙන් තිබුණේ ඒ පොත පමණකි. මෙය අපේ නීති රීති උල්ලංඝනය කිරීමක් බැවින් කිසිවෙකු පැමිණයහොත් පිළිතුරුදීමේ පහසුව තකා මා ඒවා ඇන්දේ විකාර සටහන් වශයෙනි.

මම පළමුව ඔහු එස් එස් හමුදා ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටිනු ඇන්දෙමි. ඊ ළඟට ඇන්දේ ඔහු දුම්රියක මැදිරි ගණන් කරමින් සිටින අන්දමය. කාරයක පැතලි වහළ මත වැතිරී මැෂින් තුවක්කුවක් අත දරා සිටින අයික්මාන් ගේ රුවක් ඊළඟට මා අතින් සිතුවම් වූයේය. ඉන්පසු පිටුවල හිට්ලර්, මුසෝලිනී මාගේ දෙමාපියන්, දුකින් වැළපෙන මගේ සොහොයුරා ෙජ්කබ් බියෙන් හා වේදනාවෙන් විසල් කරගත් දෙනෙතින් යුතු සොයුරිය පරූමා, ආදීන් මගේ පොතේ පිටුවල සිතුවම් වෙන්නට වැඩි වෙලාවක් ගත වූයේ නැත.

—ඔහේද මාව අල්ල ගත්ත මිනිහා˜

ඊළඟ දිනයේ මා මුරසේවය සඳහා වාඩි වෙද්දී අධික්මාන් විසුවේය. ඔහුට පිළිතුරු දිය යුතුද නොදිය යුතුදැයි දෙගිඩියාවක මම මෙහොතක් පසු වීමි. එහෙත් පිිළිතුරු දීම තුළින් කිසිවක් වෙනස් නොවන බැව් මට වැටහි‚.

—ඔව්....මම තමයි....˜ මම කීවෙමි. අයික්මාන් ඔහු ගැනම කතා කිරීමේ ආශාවෙන් පසු වන්නෙකු බව කතා බහ අරඹාවැඩි වේලාවක් ගත වන්නට පෙරම මට වැටහි‚ ඔහුට බොහෝ තියුණු මනසක්ද තිබි‚. ඔහුගේ කට හඬේ ආචාර සම්පන්න බවක් හා යටහත් පහත් කමක් තිබුණේ වී නමුදු ඔහු කපටියෙකු වූයේය. තමන් කරන්නේ කුමක්දැයි ඔහු නිවැරැදිවම දැන සිටියේය. මම යුදෙව්වෙක් වීමි. එපමණක් නොව ඔහු යටත් කර සිරබාරයට ගනු ලැබුවේද මවිසිනි. එසේ් තිබියදීත් මා පිළිබඳව විශ්වාසය තැබීමට ඔහු සූදානම්ව සිටියේය. සෘජුව කතා බහ කරන බවක් පළකළත් සියල්ල තමන්ගේ වාසියට හරවා ගනීමේ වෑයමක් ඔහුගේ කතා බහින් පළ වි‚. ඔහු සිදු වූ කිසිම දෙයක් පිළිබඳව වගකීම බාර ගත්තේ නැත.

—මම කළේ මගෙ රස්සාව....˜ ඒවා මං සැළසුම් කරපු දේවල්වත් මං තෝරගත්ත දේවල්වත් නෙමෙයි....˜ ඔහු කීවේය.

බොහෝ දේවල් පාලනය කළ නොහැකි තරම් දුරදිග ගිය නමුත් ඒවා මධ්යපස්ථ කිරීමට තමා බොහෝ හෙයින් උත්සාහ දැරූබව ඔහු කීවේ මා ඔහුගේ අතීතය ගැන කිසිවක් නොදන්නා අයෙකු ලෙස සළකාගෙන විය යුතුය.

—මම සොල්දාදුවෙක්....˜ ඔහු බොහෝ ආඩම්බරයෙන් සඳහන් කළේය. —තීරණ ගත්තෙ මට ඉහළින් ඉන්න අය....ඒ තීරණ ක්රි.යාත්මක කරන්න අණ ලැබුණාම ඒවට කීකරු වෙන්න මට සිද්ධ වුණා....˜

ඔහු පාපොච්චාරණයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වීමි. එහෙත් තමා කළ කිසිම දෙයක් පිළිබඳව පසුතැවිලි වන බවක්වත් සෑහීමකට පත්වෙන බවක්වත් ඔහුගේ කට හඬින් පළ වූයේ නැත.

හවස් වරුවේ ප්රවශ්න කිරීමේ සැසියට හෑන්ස් පැමි‚යේය. ඒ සඳහා පැයක් හෝ ඒ ආසන්න කාලයක් ගත කරුනු ලැබි‚. මේ අතර අධික්මාන් හා මා අතර ඇති වූ පෞද්ගලික සංවාදයන් රාත්රිහ දින චරියාවේ කොටසක් බවට බත් වූයේය. ඔහු වඩාත් ප්රිනය කළෙA ඔහු ගේ දරුවන් ගැන කතා බහ කරන්නටය. අප විසින් ඔවුන්ට හිංසාවක් කරනු ඇතැයි බියකින් ඔහු පෙළුණේය.

—අපි ඒ අයට කිසිම හිංසාවක් කරන්නේ නෑ....˜ අපි ඔහුට සහතික වීමු. එහෙත් ඔහු විශ්වාස කළේ බලය ඇති සියලූ දෙනාම එම බලය අවිචාරයෙන් භාවිතා කරනු ලබන බවය. ඔහුගේ කාලයේදී සිදු කෙරුණේ එසේය.

සිය බාලපුතු පිළිබඳව ඔහු කතා කළේ බොහෝ හැඟ+ම්බරවය. බලා පුතුගේ හැර අන් එකම පුතෙකුගේවත් ළමා කාලයේ අත්දැකීම් ඛෙදා හදා ගැනීමට ඔහු ඔවුන් අසල සිටියේ නැත. ඔහුට සිය පිටුවහල් වීම පහසුවෙන් විඳදරා ගත හැකිව තිබුණේ එම දරුවා ඉපදුණාට පසුවය.

—මම ළමයින්ට හරි ආදරෙයි....˜

එක් රාත්රිියක ඔහු මා සමග කීවේ හැඟ=ම්බර සිනාවකින් මුව සරසා ගනිමිනි.

—මං හිතන්නෙ ඔයා අදහස් කළේ සමහර ළමයි කියලා වෙන්න ඇත.˜

මම ඇනුම් පදයක හඬින් කීවෙමි. දුම්රිය ගැල් පුරා පටවාගෙන යනු ලැබූ යුදෙව් දරුවන් මරා දැමුවේ ඔහුගේ අ‚න් බව ඔහුට අමතකව ගොස් ඇති සෙයක් පළ වි‚.

—මේ බලන්න.... සමහර විට ඔයා හිතනවා ඇති මම යුදෙව්වන්ට වෛර කරනවා කියලා.... ඇත්තටම නෑ..... මම යුදෙව් විරෝධියෙක් නෙමෙයි....˜

ඔහු බොහෝ සන්සුන් ලෙස කතා කරන්නට පටන් ගත්තේය. මමද පිටතින් සන්සුන් බවක් පාමින් අසා සිටියෙමි.

—ඔයා දන්නවාද බර්ලින්වල හිටපු යුදෙව් ගුරුවරයෙකුගෙන් මම හීබෘෘ භාෂාව ඉගෙන ගත්තා.... එයා උගන්වපු යාඥා පාඨයකුත් මට හොඳට මතකයි.

එසේ පැවසූ අයික්මාන් අප විසින් බොහෝ භක්තියෙන් ගායනා කරනු ලබන අතිශයින්ම ශ+ද්ධ වූ යාඥා පාඨයක් ගායනා කරන්නට පටන් ගත්තේය. ඔහු විසින් එය උච්ඡාරණය කරනු ලැබුවේත් අප මෙන්ම විශේෂිත ස්වරයකින් යුතුවය. —ශ්˜ මා යිස්රාල්, ඇඩොනායි එලොනේනු ඇඩොනායි එකාඩ්.....˜

(ගරුකටයුතු ඊශ්රා යලය දෙවියන් වහන්සේගේ ස්වාමීයා ඔබය. එකම දෙවියන් වහන්සේය වැනි තේරුමක්)

එය අසා සිටියදී පාලනය කර ගන්නට නොහැකි තරහකින් මා වෙව්ලන බව මට දැනි‚.

—සමහර විට අබ්බා, ඉම්මා කියන වචනත් ඔයාට අහලා පුරුදු ඇති මං හිතන්නෙ....˜

මම අවඥා සහගතව කීවෙමි.

—ඒවා ඇහෙනකොට ඔයාට මුකුත් මතක් වෙන්නෙ නැද්ද....˜

—අබ්බා, ඉම්මා....˜ ඔහු මඳක් කල්පනා කළේය. —මට අහලා පුරුදු නෑ....˜

—තාත්තා, අම්මා....එහෙම තමයි යුදෙව් ළමයි කෑ ගහන්නෙ එයාලා දෙමව්පියන්ගෙ අත්වලින් උදුරලා ගන්නකොට.....˜

කියාගෙන ගිය මා මොහෙතකට නතර වූයේ දැවෙන කෝපය මඳක් අඩුවන තුරුය. එහෙත් මෙතෙක් සිත තුළ සිර කරගෙන සිටි හැඟීම් පිටතට පනිනු වළක්වා ගැනීමට මට පුළුවන් වූයේ නැත.

—මගේ අක්කගේ දරුවා, මගෙ හොඳම යාළුවා, ඒ දෙන්නම තමුසෙගෙ පුතාගේ වයසෙ.... තමුසේ ඒ දෙන්නව මරලා දැම්මා. කිසිම හිතක් පපුවක් නැතුව.... එතකොට ඒ ළමයි එහෙම කෑ ගැහුවෙ නැද්ද....?˜

මම දත්මිටි කමින් විමසීමි. මගේ හෙළිදරව්වෙන් විමිතියට පත් ඔහු මොහොතක් දෙකක් නිහ~ව සිටියේය.

—ඒ වුණාට ඒ අය යුදෙව්වොනෙ....˜

අවසානයේදී ඔහු පැහැදිලි හඬින් කීවේය. යුදෙව්වන්ට වෛර නොකරන බැව් ටික වේලාවකට පෙර ඔහු පැවසුවෙත් මෙම ස්වරයෙන්මය.

අවසානයේදී අපේ පලායාමේ සැළැස්ම ක්රි.යාත්මක කිරීමට අවස්ථාව උදාවි‚. ආජන්ටිනාවේ 150 වැනි සංවත්සරය සැමරීම පි‚ස පැවැත්වෙන උත්සවයට සහභාගි වීමට ඊශ්රාදයල් නියෝජිතයන් රැගත් ගුවන් යානයක් බුවනෝස් අයර්ස් වෙත පැමිŒමට නියමිතව තිබි‚. එය ඊශ්රා‍යල එල්.අල් ගුවන් සේවයට අයත් යානාවක් වූයේය. කාර්මික සේවයට අයිති පිරිසක් ලෙසින් වෙස් වළාගෙන එයින් යාමට ඉස්සර කටයුතු පිළියෙල කර ගත්තේය. එවිට ගුවන්් තොටුපලේ ආරක්ෂක සේවාවට ප්රසශ්නයක් ඇති වන්නේ නැත. එහි නඩත්තු අංශයට යාම සඳහා අපට විශෙAෂ අවසරයක් ලබාගනු ලැබ තිබි‚.

ගුවන්යානය පැමිŒමට නියමිතව තිබුණේ මැයි 19 දාය. එය පසුවදා ආපසු යද්දී විශෙAෂ මගියෙකුද රැගෙන යන බැව් දැන සිටියේ අප පමණකි.

මම වහාම පලා යාමේදී මවිසින් ඉටු කළ යුතු කොටස වන අයික්මාන් වෙස් ගැන්වීමේ කාර්යයේ නියුතු වූයෙමි. මේ වන විටත් මා වෙනස් වෙනස් ආකාරයේ ඇඳුම්, කණ්ණාඩි, කොණAඩා මෝස්තර ආදිය අත්හදා බලා තිබි‚.

මැයි 20 දා මම ඔහු වයස්ගත තැනැත්තෙකු බවට පත් කළෙමි. කොණ්ඩය වඩාත් සුදු පැහැගන්වා ඇස් යට වයස දැක්වෙන රේඛා ඇඳ අපිළිවෙලින් යුත් රැවුලක්ද ඇලවීමෙන් අනතුරුව මම ඔහුට එල්¡අල් ගුවන් සේවයේ කාර්මිකයන්ට නියමිත නිල ඇඳුම ඇන්දවීමි.

—ෂා....ඒක නියමයි....˜

කණ්ණාඩියෙන් සිය පිළිබිඹුව දෙස බලා සිටි අයික්මාන් කබායේ අල්ලා තිබූ පිත්තල බොත්තම් සහ ගෙත්තම් කළ පටි අතගාමින් ඒවා අගය කළේය. එහෙත් එල්¡අල් නිල ඇඳුමට අයත් හිස් වැස්ම පැළඳවූ කල නම් ඔහු තිගැස්සී යනු මම දිටිමි. හිස් වැස්මේ මැද වූයේ එල්¡අල් සංකේතය වූ රන් තරුවකි.

—දැන් ඔයා පේන්නේ එල්¡අල් සාමාජිකයෙක් වගේ....˜ මම කීවෙමි. ඔහු කිසිත් නොකියා කණ්ණාඩිය දෙසම බලාගෙන සිටියේය.

වේලාව 7.30 වූයේය. අපේ කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වූ වෛද්යෙවරයා පැමිණ අයික්මාන් ගේ දකුණු අතට සේලයින් කටුවක් සවිකොට ප්ලාස්ටරයකින් එය අලවා දැමීය. එයට සම්බන්ධ නාලය කමිස අතට යට කරනු ලැබි‚. අවශ්ය තාවක් ඇති වුවහොත් එතුළින් සුළු වශයෙන් නිදි ඛෙහෙත් එන්නත් කිරීම සඳහා එසේ කරනු ලැබි‚. අපේ සැළසුම වූයේ සංවත්සර උත්සවයකට සහභාගි වී ආපසු එන එල්¡අල් සේවක පිරිසේ අයෙකු ලෙස අයික්මාන් පෙනෙන්නට සැළැස්වීමය. ඔහු බීමතින් පසු වන බැවින් අනෙක් අය විසින් වත්තන් කරගෙන යන බව දකින මිනිසුන් තේරුම් ගන්නවා ඇත.
ඌඩිත්, මාත්, අයික්මාන්ගේ බාහු දෙකෙන් අල්ලා ඔහු නැගිටවූයෙමු. ඔහු ගාට ගාටා මිදුල දක්වා ගියේය. එහා මෙහා වැනුණේ වී නමුදු අපට ඔහු තදින් අල්ලා ගැනීමට වුවමනාවක් ඇති වූයේ නැත. ඔහු මර්සිඩීස් රියේ පසුපස අසුනට නංවනු ලැබි‚. මේ වන විට එල්¡අල් නිල ඇඳුමකින් සැරසී සිටි වෛද්යඩවරයා ද අයික්මාන් පසෙකින් වාඩි වූයේය. කාරයේ එන්ජිම පණ ගැන්වෙද්දී මම දිව ගොස් ගේට්ටුව විවර කළෙමි. ඊ ළඟ මොහොතේ ආරොන් විසින් පදවනු ලැබූ රිය ගේට්ටුවෙන් පිට වී පාරට පිවිසියේය.

මම ආපසු ගෙය තුළට ගියෙමි. හදිසියේම සියල්ල නිහ~ වී ඇතුවාක් මෙන් මට දැනෙන්නට වි‚. පිටත්ව යාම පි‚ස අප විසින් ලහි ලහියේ කළ යුතු බොහෝ දේවල් තිබුණේ වී නමුත් මේ වේලාවේ අපට සිදු වී තිබුණේ නිහ~ව බලා සිටීමටය. .

අවසානයේදී පාන්දර දෙකට පමණ ඌසිගේ කාරයේ හ~ ඇසිණ. අලූත් තොරතුරු බලාපොරොත්තුවෙන් අපි වහා පෙරමඟට දිව ගියෙමු. සියල්ල සාර්ථක වූ බව දැන ගැනීමට අප කළ යුතු වූයේ් ඔහුගේ මුහුණ දෙස බැලීම පමණකි.

—එයාල ගියා....අයික්වාන් දැන් ඊශ්රාකයලේට යනවා....˜

ඔහු ජයග්රාිහී හඬින් කෑ ගැසීය. අපට සියලූ තොරතුරු දැන ගැනීමට තිබූ වුවමනාවම ඒවා අපට කියන්නට ඌසි තුළ තිබි‚. උනන්දුව වැඩි කමට ඔහුට වචනද පටලැවුණේය.

—අයික්මාන් මොකුත් කලබලයක් කළේ නැ.... බී ගත්ත මිනිහෙක් වාගේ ඔහේ හිටියා.....˜ ඔහු කීවේ සිනාසෙමිනි.

වාහනය ගුවන් තොටුපලේ පාලන අංශය වෙත ගිය විටද එහි සේවයේ නියුතුව සිටි නිලධාරීන් සිනාසෙමින් ඔවුනට අත වනා තිබුණේ බීමත් මිනිසුන් දෙදෙනෙකු පසුපස ආසනයේ සිටින බව සිතාගෙනය.

—එයාල ලිය කියවිලි මොකුත්ම බැලූවේ නෑ.....˜ ඌසි කීවේය.

මර්සිඩීස් රථය, ගුවන් යානයට ආසන්න කළ හැකි උපරිම දුරටම රැගෙන යන්නට ඌසි කටයුතු කර තිබි‚. එහිදී නියම එල්¡අල් සේවක පිරිසේ සාමාජිකයන් විසින් අයික්මාන් ගුවන් යානයට නංවා ගන්නට උදව් කරනු ලැබි‚. ලබා දී තිබූ උපදෙස් පරිදි වෛද්යිවරයා පළමුවෙනි පන්තියේ ආසනයක හිඳ සිටියේ නින්ද ගොස් ඇති බැව් අඟවමිනි. ඔහු පසෙකින් අයික්මාන් හිඳවනු ලැබි‚. ගුවන් යානයේ එම කොටස තිබුණේ අඳුරේය.

—ප්ලේන් එකේ ඉන්න අනිත් අය අයික්මාන් ගැන දන්නවාද....˜

මම අසීමි. ඌසි සිය අත් ඔරලෝසුව දෙස බැලීය.

—මේ වෙනකොට එයාලා දැනගෙන ඇති. ආර්ජන්ටිනා ගුවන් සීමාවෙන් ඈත් වුණාට පස්සේ එයාලට කියන්නයි නියම වෙලා තිබුණේ....˜

ඔහු කීවේය.

අයික්මාන් පිළිබඳව නිවේදනයක් මගින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව ගුවන් යානය තුළ ඇති වූ කලබැගෑනිය පිළිබඳව පසුව අපට දැන ගන්නට ලැබි‚.

ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු වූ ප්ර්ධාන කාර්මිකයා මේ ප්රිවෘත්තිය අසා බොහෝ සිත් තැවුලට හා කම්පනයට පත්ව තිබි‚. පෝලන්ත ජාතිකයෙකු වූ ඔහු සිර කඳවුරුවල බොහෝ සෙයින් දුක් විඳි අයෙකු බව හෙළ වූයේය. ඒ දුක් සියල්ලටම වඩා ඒ වන විටත් ඔහුට අමතක කළ නොහැකි දැඩිම දුක වූයේ එවකට සය හැවිරිදි වියෙහි වූ ඔහුගේ ආදරŒය සහෝදරයා පිළිබඳ මතක සටහන්ය.

—පොඩි එකා විලාප දිදී කෑ ගගහ අ~ද්දී ඇදගෙන ගියා....ඒ ඇදගෙන ගියේ එයාගෙ මරණෙට කියලා එයා දැනගෙන හිටියා.... ඒත් අත්අඩංගුවේ හිටිය මට කරන්න පුළුවන් වුණෙත් අ~න එක විතරයි.˜

ඔහු කීවේ එපුවත ඇසූ හැම කෙනෙකුගේම ඇස් කඳුළින් තෙත් කරවමිනි.

ඔහු කම්පන තත්ත්වයෙන් මිදුණු පසුව අයික්මාන් සමීපව නැරඹීමට අවසර දෙනු ලැබි‚. මේ වන විට අවදිව සිටියත් දෙනෙත වසා ඇස් ආවරණයක් පළඳවා සිටි බැවින් අයික්මාන්ට කිසි දෙයක් දැක ගැනීමට හැකියාවක් නොවි‚. එහෙත් පරිසරය වෙනස් වී ඇති බව දැනගත් නිසාදෝ ඔහු ආසනය මත දඟලන්නට වූයේය. අනෙක් අයගේ නිදහස පමණක් නොව ජීවිතද අහිමි කළ ඔහුට නිදහසේ අගය දැනෙන්නට වූයේ ඒ මොහොතේ විය යුතුය.

අප විසින් කුලියට ගන්නා ලද නිවස හා දුසිම් බාගයක් පමණ වූ මෝටර් රථ ආපසු ලබා දී පිළිවෙලක් කිරීම සඳහා අපි කණ්ඩායමක් ආර්ජන්ටිනාවේ නතර වූයෙමු. එය කිරීමෙන් අනතුරුව අපට විසිර යාමට සිදුවූයේ සංවත්සර උත්සව හේතුවෙන් රටින් පිටව යාම සඳහා ගුවන් යානයක ආසන වෙන්කරවා ගැනීම අසීරු වූ නිසාය. ඌසි සහ මම දුම්රියේ නැගී සන්තියාගෝ කරා ගමන් ගත්තෙමු. ගුවන් යානයක් ලැඛෙනතුරු එහි සතියක් නැවතී සිටීමට අපට සිදුවි‚.

දෙවන දවසේ සවස මම බස් රියක නැගී අප නවාතැන් ගෙන සිටි හෝටලය කරා එමින් සිටියෙමි.

මා අසලම අසුනේ වාඩි ගෙන සිටි තැනැත්තා පුවත්පතක් කියවමින් සිටියේය. මගේ ඇස් එදෙස යොමු වූයේ ඕනෑවට එපාවටය. එහෙත් එහි මුල් පිටුවේ වූ ප්රිවෘත්ති සිරස්තලය දකිද්දී මගේ දෙනෙත් විසල් වන්නට ඇත. මා මෙතෙක් දැක තිබූ තදම කළු පැහැති අකුරින් එහි —අයික්මාන්˜ යනුවෙන් සටහන් කොට තිබි‚.

හැම පුවත්පතකම අයික්මාන් පිළිබඳව සටහන් වී තිබි‚. අපි ඒවායින් පිටපත බැගින් මිලදී ගතිමු. එහෙත් ඒවායින් කියවෙන ප්ර්වෘත්තිය කියවීමට අප භාෂාව දැන සිටියේ නැත.

—ඊශ්රාියලයේ රහස් ඔත්තු සේවයේ නිලධාරියෝ ඇඩොල්ෆ් අයික්මාන්ව අල්ලාගෙන ඊශ්රාගයලේට යවලා....˜

ඌසිගේ මිතුරෙකු ඒ වැදගත් ප්ර වෘත්තිය අප වෙනුවෙන් පරිවර්තනය කළේ එසේය. සැබැවින්ම එය ඉතාමත් සතුටුදායක මොහොතක් වුවද, අප තුළ එක්තරා අන්දමක කනස්සල්ලක් ද තිබි‚. කණ්ඩායමේ සියලූම සාමාජිකයින් ප්රකවේසම් සහගත බව තහවුරු කර ගන්නා තුරු එම දැන්වීම ප්රෙසිද්ධ නොකරන බවට අපට කියා තිබීම ඊට හේතුව වූයේය.

අසහනකාරී සති තුනකට පසුව අපි ආපසු ඊශ්රාගයලයට පැමි‚යෙමු. ඒ වන විටත් අයික්මාන් අල්ලා ගැනීම නිසා ඇති වී තිබූ උද්්යෝගිමත්, උණුසුම් වාතාවරණය එලෙසම පැවති‚. හැම පුවත්පතකම ඒ හා සම්බන්ධ විවිධ සිරස්තල පළ වී තිබි‚. වීදි පුරා කොඩි සහ බැනර් ප්රපදර්ශනය වෙමින් තිබි‚. —අපි ආපසු පහර දුන්නෙමු˜ ඒවායේ තේමා පාඨය වූයේ එයය. අයික්මාන් අත්අඩංගුවට ගැනීම ජාතියට ආඩම්බරයක් වශයෙන් සැළැකූ අය උත්සවද පැවැත්වූහ.

ආපසු පැමිණ එළඹි පළමු වෙනි සබත් දිනයේදී මම අම්මා සහ අයියා පදිංචිව සිටි නිවසට ගියෙමි. අම්මා මා දෙස වුවමනාවෙන් බැලූවාය.

—මට ඇත්ත කියන්න පුතා, ඔයත් මේකට සම්බන්ධ වුණාද...?˜

ඇය විමසුවාය. ඇගේ ස්වරයේ වූ ආයාචනාත්මක බව සියල්ල අකුරක් නෑර හෙළි කිරීමට මා පොළඹවනසුළු වූයේය. එහෙත් ආරක්ෂක හේතූන් මත කිසිවක් හෙළි කිරීම කළ නොහැකි වූයෙන් මම ඇගේ ප්රනශ්න මගහැරියෙමි.

අප මවිතයට පත් වූයේ අයික්මාන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්යි නියෝජිතයන් තුළ ඇතිවී තිබූ කුලප්පුව පිළිබඳවය.

—වහාම අයික්මාන් ආපසු එවා, ඔහු අල්ලා ගැනීමට වගකිවයුතු අයට ද~ුවම් පැමිණ විය යුතුය....˜

ආර්ජන්ටිනා රජය අණ කළේය. ඒ අයික්මාන්ට පක්ෂපාතී ජනතාවගේ බලපෑම නිසා බැව් අපි වටහා ගතිමු.

ඊශ්රා්යල තානාපති තැන ආර්ජන්ටිනාවෙන් නෙරපනු ලැබි‚. එහෙත් ලෝකයේ වෙනත් රටවල සිටි ඊශ්රා යල රාජ්ය් නියෝජිතයෝ සුබ පැතුම් ප‚විඩ එවූහ. ඔවුන් විසින් ඇති කරන ලද ආන්දොලනයේ ප්ර තිඵලයක් ලෙසින් අවසානයේදී ආර්ජන්ටිනාවට පසුබසින්නට සිදු වූයේය.

අගෝස්තු 3දා ආර්ජන්ටිනාව හා ඊශ්රාවයලය එක්වී නිකුත් කළ නිවේදනයෙන් කියැවුණේ ඊශ්රාදයලය තවදුරටත් සිද්ධියට අත නොපොවන බවය.

ඒ සමගම නඩුව විභාග කිරීම සඳහා අදාළ තොරතුරු රැස් කරනු ලැබි‚. පර්යේෂකයන් විසින් ලොව පුරා සාක්ෂිකරුවන් සෙවීමට ගත් උත්සාහයේ ප්රරතිඵලය වූයේ සියලූ දෙනා තුළම අයික්මාන් පිළිබඳ කුතුහලය වැඩි දියුණු වීමය. ලෝකයේ හැම තැනින්ම අපට අසන්නට ලැබුණේ එකම ආකාරයේ ප්රිශ්නය.

—ඔහු කුමනාකාරයේ මිනිසෙක්ද?˜

—ඔහු තමා කළ දේවල් සාධාරŒකරණය කරනු ඇද්ද?˜

මේ ප්රුශ්න කිරීම් කොතරම් වීද යත් ඇතැම් විටෙක මගේ ඉවසීම සීමාව ඉක්මවා යනු මට දැනි‚.

—දෙවියනේ මට නම් අදහා ගන්න බැරි අයික්මාන්ව අල්ලා ගත්ත මිනිස්සු ඉවසගෙන හිටියෙ කොහොමද කියලා... මං හිතන්නෙ එයාලව හදල ඇත්තෙ ගල්වලින්.˜

එක්තරා රාත්රිටයක සාදයකදී —සියල්ල දත්˜ අයෙකු කියන්නට පටන් ගත්තේය.

—එයාලගෙ වෘත්තියේ හැටියට ඒ වගේ අවස්ථාවලට මූණ දෙන්න පුරුදු වෙලා තියෙන්නේ...˜ මම ඔහුට පෙන්වා දුන්නෙමි.

—නෑ මං කියන්නෙ අයික්මාන් ගැන ඒ අයගෙ හිත්වල ඇත්තටම තරහක් තිබ්බ නම් එයාව මරන්නෙ නැතුව ඉන්න පුළුවන්ද?˜ ඔහු ඇසීය.

—මොනවා....?˜ ඔයා ඒ විදියටද හිතන්නේ....?˜ මා ඇසුවේ පුදුමයෙනි.

—මං ඒ අය කීප දෙනෙක්ම දන්නවා. ඒ අය හරියට යන්ත්ර. වගේ.˜

ඔහු කීවේ සරදම් සහගත හඬිනි. එයට කිසිවක් නොකියා කට පියාගෙන සිටීම මට අපහසු වූයේ.

—සමහර විට එයාල ඔයාට වැඩිය දඬ ඇති. එයාව මෙහාට අරගෙන එන එක හොඳම පළිගැනීම කියල ඒ අය හිතන්න ඇති. සමහර විට එයාලට තේරෙන්න ඇති මේකට සාධාරණ විනිශ්චයක් ඔන කියලා....˜

මම කියාගෙන කියාගෙන ගියෙමි. උපහාසයෙන් මෙන් මා දෙස බැලු ඔහු ඊලඟට හැරුණේ ඔහු අසල සිටි අනෙක් මිනිසා වෙතටය.

—දැන් නම් හැමෝම පණ්ඩිතයො වෙලා....˜ ඔහු ද්වේෂසහගතව පැවසීය.

අවසානයේදී නඩු විභාගය ඇරඹි‚. සිද්ධියට කිසිසේත්ම සම්බන්ධයක් නැති අයෙකු ලෙස උසාවියට ගොස් ඒමට මම තීරණය කර ගතිමි. අයික්මාන් ගේ පෙනුම වෙනස් වී ඇති බැව් මට දැක ගත හැකි වි‚. මා මුලින්ම දුටුවාට වඩා ඔහු රාත්තල් 15කින් පමණ බරින් අඩු වී සිටියේය. එහෙත් ඔහු කතා කිරීමට පටන් ගත් කළ නම් කිසිදු වෙනසක් නැතැයි මට සිතෙන්නට විය.

ඒ වන විට අයික්මාන්ගෙන් හරස් ප්ර්ශ්න අසනු ලබමින් තිබි‚. චෙකොස්ලොවැකියානු ළමයින් සිය දෙනෙකු මරා දැමීම පිළිබඳව විමසූ ප්රහශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ බොහෝ ඇල්මැරුණු ආකාරයටය. ඒවාට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ගමනාගමනය ගැන ප්රශශ්න කිරීමට පටන් ගත්තේය. ජීවිතය හා මරණය ගැන කතා කිරීමට ඔහු මැලි වන්නේ මන්දැයි මම කල්පනා කළෙමි.

පැමි‚ල්ලේ නීතිඥවරයා අයික්මාන්ට අභියෝග කළේය. වරක් මගේ සිරකරුවෙකු වශයෙන් සිටි අයික්මාන් නීතිඥයාට පිළිතුරු දීම පි‚ස හිස එසවීය. එකෙණෙහිම ඔහුගේත් මගේත් නෙත් හමු වි‚. අපි දෙදෙනා සෑහෙන වේලාවක් එකිනෙකා දෙස බලා සිටියෙමු. ඔහුගේ දෙනෙතේ පුදුමය සටහන් වී තිබූ අතර, කතාවද පැටලි‚.

මම හුන් තැනින් නැගිට උසාවියෙන් පිට වී ආවෙමි. දැකිය යුතු දෙය දුටු බවට හැඟීම මට දැනෙන්නට වි‚.

මාස හතරකට වඩා වැඩි කාලයක් නඩුව විභාග වූයේය. ඉන් අනතුරුව විනිශ්චයකාරවරුන් තිදෙනෙකුගෙන් සමන්විත අධිකරණ මණ්ඩලයක් විසින් මාස හතරක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 1961 දෙසැම්බර් 11 දා නඩු තීන්දුව ප්රකකාශයට පත් කරන ලදී. මනුෂ්යඅත්වයට හා යුදෙව් ජනතාවට එරෙහිව කරන ලද අපරාධයත්, අපරාධ කණ්ඩායම් වල සාමාජිකත්වය දැරීමත් හේතු කොටගෙන අයික්මාන්ට මරŒය දණ්ඩනය පැනවි‚.

අයික්මාන් එල්ලා මරණ ලද්දේ 1962 මැයි 31 දාය. අවසානය වන තුරුම ඔහු අනුගමනය කළේ කිසිවෙකුට යටත් නොවන අකාරයේ දරද~ු ප්ර9තිපත්තියකි. ඔහු ප්රො.තෙස්තාන්ත පූජකවරයා ඉදිරියේ පාපොච්චාරණය කිරීම පවා ප්රරතික්ෂේප කළේය. පෝරකයට යන මොහොතේ හිස ආවරණය කිරීමටද ඔහු කැමති නොවීය.

zzමම මගේ බිරිඳට, මගේ පවුලේ අයට, මගේ මිතුරන්ට සුබ පතනවා...... යුද්ධ නීතිවලට සහ මගේ කොඩියට කීකරු වීමට මට සිදු වී තිඛෙනවා...... මම ලෑස්තියි......ZZ

ඒ ඔහු පෝරකයට යාමට පෙර ජර්මන් බසින් කතා කළ අවසන් වදන්ය.

එල්ලා මැරීමෙන් පැය දෙකකට පසුව ඔහුගේ සිරුර ආදාහනය කර, අළු මධ්යවධරŒය මුහුදේ විසුරුවා හරිනු ලැබි‚. වර්තමානයේ දී හෝ අනාගතයේදී කිසිදු නාසියෙකු සඳහා සොහොන් කොත් ඉදිකරනු නොලබන්නේ ඒවා පුද පූජා ලබන තත්ත්වයට පත් වීම වළක්වන්නටය.

අයික්මාන් මත්තෙහිම නැහෙන්නට කාලයක් මට නොවි‚. මා මාගේ සුපුරුදු ජීවිතයට අවතීර්ණ විය යුතුව තිබි‚. ඊශ්රාමයලයට පැමිණ මාස හතරකට පසුව මම යුවතියක කෙරෙහි සිතක් පහළ කොට ගතිමි. ඇය මා හැඳිනගෙන සිටියේ හයිෆාහි පදිංචිව සිටින සාමාන්යස තරුණයෙකු වශයෙන් පමණකි. අප දෙදෙනාගේ සම්බන්ධය පිළිබඳ මුලදී මම එතරම් බැරෑරුම්ව නොසිතීමි. එහෙත් මට ගැලපෙන තැනැත්තිය ඇය බැව් ඉක්මනින්ම මට වැටහි‚. 1962 මැයි මාසයේදී අපි විවාහ වූයෙමු.

කාලය ගෙවී යද්දී අයික්මාන් අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය මට සිහිපත් වූයේ වෘත්තීය ආඩම්බරයක් වශයෙන් පමණකි. සිත නැමති මහා සටහන් පොතේ එයද එක් පිටුවක් පමණක් වූයේය. අපි පුහුණුව ලබන කාලයේදී එක් දෙයක් අවධාරණයෙන්ම ඉගෙනගෙන සිටියෙමු. ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි කුමන දෙයක් වුවද, සඟවාගෙන සිටිය යුතුය. මම ඒ ප්ර තිපත්තිය අකුරටම අනුගමනය කළෙමි. අයික්මාත් යන නම අපේ නිවසේදී සඳහන් කෙරෙනු මාගේ දුවත් පුතාත් කිසිදු දිනෙක අසා නොතිබි‚.

1973 වසන්ත සමයේදී රාජකාරිමය කටයුත්තක් සඳහා මම ඇතැන්ස් වෙත ගියෙමි. එක් දිනක් මධ්යයම රාත්රිදයේදී මට ආරොන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබි‚.

zzඔයාගේ අම්මා අසනීප වෙලා........ එයාගේ උකුල් ඇටය බිඳිලා........... දැන් ඉන්නේ ඉස්පිරිතාලේ.........ZZ

ඔහු කීවේ මගේ සිතේ වේදනාවක් මෙන්ම තිගැස්මක් ද ඇති කරවමිනි. මේ වන විට අම්මාට ඉතිරිව සිටි එකම දරුවා මා පම‚. යෙෂීල්ද වසරකට පෙර මිය ගියේය.

zzඑයාට හුඟාක් අමාරුද.............?ZZ

මම සංකාකූල සිතින් යුතුව විමසීමි.

zzපීටර්, එයාගේ වයස එච්චර හොඳ නෑනෙ...... කොයි වෙලාවෙද කියන්න බැහැ......ZZ ඔහු කීවේ අනුකම්පා වෙනි.

මම වහාම ගුවන් තොටුපළට ගියෙමි. ඒ වෙලාවේදී මගී ගුවන් යානා නොමැති බව මම දැන සිටියෙමි. එහෙත් බි්රහතාන්යප ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්රගවාහනය කරන ගුවන් යානයක් ජෙරුසලම් බලා ඉක්මනින්ම පිටත් වෙන බැව් මට දැන ගන්නට ලැබි‚. මම ගුවන් නියමුවාට මගේ තත්ත්වය විස්තර කොට මා රැගෙන යන ලෙස ඉල්ලා සිටියෙමි.

zzඔබේ තත්ත්වය ගැන මට ඉතාම කනගාටුයි මහත්මයා....... ඒත් මට ඔබ කැටුව යන්න බලයක් නෑ......... එහෙම කැටුව ගියොත් ඒක අපේ ගුවන් සමාගමේ නීති රීති වලට විරුද්ධයි......ZZ ඔහු තරයේම කීවේය.

මම මට පුළුවන් උපරිමයෙන්ම ඔහු හමුවේ බැගෑපත් වූයෙමි. අම්මා නිසා මිස කිසිදු අවස්ථාවක මා එතරම් බැගෑපත් නොවන බව සහතිකය.

zzමේ වගේ කරදරයකදී මිනිහෙකුට පිහිට වුණා කියලා ගුවන් සමාගම ඔබට දොස් කියන්නෙ නෑ කියලා මට විශ්වාසයි....ZZ මම කීවෙමි.

මා ද කැටුව යන්නට අවසානයේදී ඔහු එකඟ වූයේය. මාගේ බිරිඳ මා එනතුරු ලොඩ් ගුවන් තොටුපළේ රැඳී සිටියාය. ඒ මොහොතේම අපි රෝහලට පිටත් වූයෙමු. ඒ පාන්දර යාමය වූයේය. රෝගීන් බැලීමේ වෙලාව එළඹෙන්නේ තවත් පැය කිහිපයකට පසුව වුවත් එතෙක් බලා සිටින්නට මට පුළුවන්කමක් තිබුණේ නැත. මම වහාම රෝහල තුළට දිව ගියෙමි.

මධ්ය ම රාත්රියයේ මට දුරකථන ඇමතුමක් දීමෙන් ආරොන් කර ඇත්තේ නිවැරදිම දෙය බැව් මට පසක් වූයේ මගේ මව ගේ ඇඳ අසලට යද්දීය. ඇය මිය යමින් සිටියාය. සුදුමැලි වී සිටි ඇය හුස්ම ගත්තේ අසීරුවෙනි.

ඇය දෙස මොහොතක් බලා සිටි මම තීරණයක් ගතිමි. අයික්මාන් අල්ලා ගත් දිනය මේ වන විට අවුරුදු 15 කින් අතීතයට එකතු වී තිබි‚. ඒ කාලයේදී එකම මොහොතකටවත් මම මොසාඩ් සංවිධානයේ අණ ඉක්මවා එම සිද්ධිය කිසිවෙකුට කියා තිබුණේ නැත. එහෙත් මේ මොහොතේ මගේ ප්ර තිපත්තිය වෙනස් කළ යුතු විය. මම අම්මාගේ ඇඳ අසල දණ ගසා ඇගේ අත අල්ලා ගතිමි.

zzඅම්මා......... මේ මම පීටර්..........ZZ

මම කෙඳිරීම්.

zzඑයා කතා කරන්නේ නෑ...............ZZ

අල්ලපු ඇඳේ සිටි වයස්ගත කාන්තාව උස් හඬින් පැවසුවාය.

zzඅම්මා, මට ඔයාට කියන්න දෙයක් තියනවා.......... මම පොරොන්දුවක් ඉෂ්ට කළා.... මම ඇඩොල්ක් අයික්මාන් අත් අඩංගුවට ගත්තා......ZZ

මම ඇයට කොඳුරා කීවෙමි. ඇගෙන් කිසිදු ප්රනතිචාරයක් නොවි‚.

අම්මා ප්රූමා එයාගේ පළිය ගත්තා...... එයාගෙ මල්ලී තමයි අයික්මන්ව අල්ලා ගත්තේ..........

හෙත් අම්මා මගේ අත තදින් අල්ලා ගනු මට දැනි‚
. මගේ සිතට ඇතුළු වූයේ සහනශීලී හැඟීමකි.
ඔයාට තේරෙනවා ද අම්මා.........?
මම තමයි ඇඩොල්ෆ් අයික්මාන් අල්ලා ගත්තෙ........
මම නැවතද කීවේමි.

ඇය දෙනෙත් පුළුල්ව විවර කොට මා දෙස බැලූවාය.

ඔව් පුතේ..... මට තේරෙනවා........

කොඳුරා කියා ගැනීමට ඇය සමත් වූවාය.

අවසානයි.



.

1 comment:

  1. ස්තුති ඔයාට,මුළු ලිපියම අකුරක් නෑර කියෙවුවා. අයික්මාන් ගැන ගොඩක් දේවල් දැනගත්තා. අද යුදෙවුවෝ ඒ සතුට ආයෙම සැමරුවා..

    ReplyDelete